Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදාව - යුනිචෙලා ශූරතා දිනයි

යුද හමුදාව - යුනිචෙලා ශූරතා දිනයි

ශානුක අරවින්ද - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 94 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට යුනිචෙලා ක්‍රීඩා සමාජයත් සමත් විය.

රන් පදක්කම් 5 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 සමගින් යුද හමුදා ක්‍රීඩා සමාජය තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් අතර ඔවුන්ට ඉතා තියුණු තරගයක් දුන් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කමක් සමගින් එහි අනු ශූරතාවට හිමිකම් කීවේය. නාවික හමුදාව තෙවැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනිමිනි.

යුනිචෙලා ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනාගත්තේ රන් පදක්කම් 5 ක් සමගිනි. රන් පදක්කම් 2 ක් දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය එහි අනු ශූරතාව හිමිකර ගනිද්දී, රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගත් පොලිස් ක්‍රීඩා සමාජයට තෙවැනි ස්ථානය හිමිවිය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතියෙන් තරග වැදුණ පොලිස් ක්‍රීඩා සමාජයේ පී.ඒ.ආර්. ප්‍රසන්නද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ නදීකා පුෂ්පකුමාරිද සම්මාන දිනාගත්හ.

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී.ජී.ඊ. මධුෂාන් තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ආර්.කේ. රණසිංහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් තේරී පත්වූහ.

මේ අතර 2019 වසරේ සාර්ථකම පිරිමි ක්‍රීඩා සමාජය ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජයත්, සාර්ථකම කාන්තා ක්‍රීඩා සමාජය ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයත් සම්මාන දිනාගත් අතර එම වසරේදී දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්.ඒ.ආර්. සඳකැළුම්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කේ.ඒ.ඩී. ධර්මතිලකත් සම්මාන දිනාගත්හ.


පිරිමි තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
සංජීව නුවන් (යුද හමුදාව) විසින් එන්. ජිනදාස (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
කේ.වී.එල්. එරන්ද (ස්ලිම්ලයින්) විසින් පී.ජී.ඊ මධුෂාන් (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
පී.ඒ.ආර්. ප්‍රසන්න (පොලිසිය) විසින් යූ.එන්.කේ. අමරවංශ (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.
 
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
විමුක්ති කුමාර (යුද හමුදාව) විසින් එම්.ආර්. සඳරුවන් (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
ආර්.ඩබ්ලිව්. රාජකරුණා (යුද හමුදාව) විසින් පී.වී. සපරමාදු (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එන්.එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්) විසින් වී.නිකලස් (යුද හමුදාව) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ඩබ්ලිව්.කේ. ආරියරත්න (නාවික හමුදාව) විසින් එච්.ඩබ්ලිව්. රත්නසිරි (පොලිසිය)පරාජය කරන ලදි.

ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ඩබ්ලිව්.ඒ.ආර්. සඳකැළුම් (යුද හමුදාව) විසින් එච්.එම්. සිල්වා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
ජී.ජී. ගුණසේකර (ස්ලිම්ලයින්) විසින් බී.එන්.එස්. සම්පත් (නාවික හමුදාව) පරාජය කරන ලදි.

සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ඒ.ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් ඒ.එම්. අබේසිංහ (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

 

කාන්තා තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
නදීකා පුෂ්පකුමාරි (විද්‍යාරතන) විසින් ආර්.කේ. රණසිංහ (යුනිචෙලා) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
කේ.ඒ.කේ. නිල්මිණි (යුනිචෙලා) විසින් කේ. ඉන්තුගදේවී (අප්හිල්) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
එම්.පී. කුරේ (ගුවන් හමුදාව) විසින් ඩබ්ලිව්.එස්.පී. රත්නායක (පොලිසිය) පරාජය කරන ලදි.

ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
කේ.ඒ.ඩී. ධර්මතිලක (යුනිචෙලා) විසින් කේ.ඒ.ඩී. හිමංෂි (නාරංදෙණිය) ජය කරන ලදි.

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
කේ.ඒ.ඩී. හංසිකා (යුනිචෙලා) විසින් පී.ඒ. පස්යාල (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
බී.ඩී.ආර්. මෙන්ඩිස් (කොතලාවල) විසින් ඩබ්ලිව්.ඩබ්ලිව්. තිවංකා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
ඒ.ඩබ්ලිව්. සඳරුවනි (පොලිසිය) විසින් ටී.ඩී.එස්. රෂ්මිකා (කොතලාවල) පරාජය කරන ලදි.

මිඩ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
අයි.ඩබ්ලිව්. චන්ද්‍රසේකර (යුනිචෙලා) විසින් පී.යූ. ජයසූරිය (පොලිසිය) පරාජය කරන ලදි.
 
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ජී.ඩී. ජයදේව (යුනිචෙලා) විසින් එම්.පී. ජයවර්ධන (යුනිචෙලා) පරාජය කරන ලදි.

සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 81 ට වැඩි) බර පංතිය
කේ.ඒ. කළුආරච්චි (ගුවන් හමුදාව) විසින් ටී.බී. බණ්ඩාර (පොලිසිය) පරාජය කරන ලදි.

 

දක්ෂතම ක්‍රීඩකයා - පී.ඒ.ආර්. ප්‍රසන්න (පොලිසිය)

 

දක්ෂතම පරාජිතයා - පී.ජී.ඊ මධුෂාන් (ගුවන් හමුදාව)

 

දක්ෂතම ක්‍රීඩිකාව - නදීකා පුෂ්පකුමාරි (විද්‍යාරතන)

 

දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව - ආර්.කේ. රණසිංහ (යුනිචෙලා)


අදහස් (0)

යුද හමුදාව - යුනිචෙලා ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.