Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මර්සිඩීස් ලොක්කාගෙන් හැමිල්ටන්ට පැසසුම්

මර්සිඩීස් ලොක්කාගෙන් හැමිල්ටන්ට පැසසුම්

ශනුක අරවින්ද - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය රථය අනතුරකට ලක්ව තිබියදීත් එය මෙල්බර්න් ගෝන් ප්‍රී තරගාවලියේ අවසානය දක්වා ගෙන ඒමට ලුවිස් හැමිල්ටන් සමත්වීම මර්සිඩීස් කණ්ඩායම් ප්‍රධානී ජේම්ස් වුල්ව්ස්ගේ මහත් ප්‍රසාදයට හේතු වී තිබේ.

පස් වතාවක් ලෝක රියදුරු ශූරතාව දිනා සිටින බි්‍රතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්, මෙල්බර්න් ගෝන් ප්‍රී තරගාවලියේ කාලය මැනීම අනුව ඉදිරියෙන්ම සිටි රියදුරා වුවද තරගය නිමා කළේ දෙවැනියා ලෙසිනි. ඔහුගේ මර්සිඩීස් කණ්ඩායම් සගයා වන වැල්ටෙරි බොතාස් මෙල්බර්න් තරගයේ පළමු ස්ථානය දිනාගත්තේය.

2019 ෆෝමියුලා ෂ කාණ්ඩයේ ලෝක ශුරතාවලිය ආරම්භ වූයේ පසුගිය සති අන්තයේදී පැවැති මෙල්බර්න් ගෝන් ප්‍රී තරගයෙනි. මෙම තරගයේ පළමු ස්ථානය දිනාගත් බොතාස් සහ දෙවැනි තැනට පැමිණි හැමිල්ටන් අතර කාල පරතරය තත්ත්පර 20.886 කි. එහෙත් තරගයෙන් අනතුරුව හෙළිදරව් වූයේ හැමිල්ටන්ගේ රථයේ පහළ කොටසක් ගැලවී ගොස් තිබුණ බවයි.

රථයේ රෝද සවිවන කලාපයේ පිහිටි මෙම කොටස රථයේ සමබරතාව මෙන්ම රථය ධාවන පථයට ඇද තබාගැනීම සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් බවද මර්සිඩීස් කණ්ඩායමේ කාර්ය මණ්ඩලය කියයි.

මෙල්බර්න් තරගයෙන් පසුව රියදුරු ශ්‍රේණිගත කිරීම් අතරේ වැල්ටෙරි බොතාස් ඉදිරියෙන්ම සිටින අතර නිෂ්පාදකයන්ගේ ශූරතාවලිය සඳහා මර්සිඩීස් කණ්ඩායම ඉදිරියෙන් සිටී.

මෙල්බර්න් තරගයෙන් පසුව රියදුරන් ශ්‍රේණිගත කිරීම

1. වැල්ටෙරි බොතාස් (මර්සිඩීස්)    26
2. ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්)    18
3. මැක්ස් වර්ස්ටැපන් (රෙඞ් බුල්)    15
4. සෙබස්තියන් වෙට්ල් (ෆෙරාරි)    12
5. චාල්ස් ලෙස්ලර්ක් (ෆෙරාරි)    10


අදහස් (0)

මර්සිඩීස් ලොක්කාගෙන් හැමිල්ටන්ට පැසසුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.