Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බොක්සිං තරගාවලි 3 ක් අද ඇරඹේ

බොක්සිං තරගාවලි 3 ක් අද ඇරඹේ

ශානුක අරවින්ද - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන පාසල්, කනිෂ්ඨ සහ ජාතික කනිෂ්ඨ යන බොක්සිං තරගාවලි තුන හෙට (15 වැනිදා) සිට 19 වැනිදා දක්වා කඹුරුපිටිය, නාරංදෙණිය මැදි විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී 2005 සහ 2006 යන වසර වලදී උපත ලද වයස 13 ත්, 14 ත් අතර අතර බාලක බාලිකාවන් පාසල් බොක්සිං ශූරතාරවලියේදී ඩයන් ගෝමස් අභියෝග කුසලාන සඳහා තරග වැදීමට නියමිතය.

2004 සහ 2005 යන වසර වලදී උපත ලද වයස 15 ත්, 16 ත් අතර බාලක බාලිකාවන් කනිෂ්ඨ බොක්සිං ශූරතාරවලියේදී හර්බට් සහ නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලාන සඳහාද, 2000 වසරේදී උපත ලද 19 වැනි වියේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාරවලියේදී පෙල්ප්ස් අනුස්මරණ පළිහ සඳහාද තරග වදිති.

මෙම තරගාවලි 3 සඳහා දිවයින පුරා පාසල් 40 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් පමණ සහභාගි වීමට නියමිත අතර තරගාවලිවල ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

අවසන් වරට 2018 වසරේදී පැවැති පාසල් බොක්සිං ශූරතාරවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සහ බාලිකා ශූරතාව දිනාගැනීමට හොරණ ප්‍රජාපතී බාලිකා විදුහල සමත් විය.

එම වසරේ පැවැති කනිෂ්ඨ බොක්සිං ශූරතාරවලියේදී හර්බට් සහ නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලාන දිනාගැනීමට පිළිවෙලින් හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යාලය සහ හොරණ දොන් පෙඩි්‍රක් ජාතික පාසල සමත් විය.

පිලිමතලාව ධීරානන්ද විදුහල සහ කිලිනොච්චිය විදියල් දමිල විදුහල පිළිවෙලින් 2018 වසරේදී පැවැති ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ ශූරයන් සහ ශූරියන් බවට පත් වූහ.

 


අදහස් (0)

බොක්සිං තරගාවලි 3 ක් අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.