Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බියන්කා සෙරීනාගේ සිහිනය බොඳකරයි

බියන්කා සෙරීනාගේ සිහිනය බොඳකරයි

editorial - 2019 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයේදී සේරීනා විලියම්ස් පරාජය කරමින් ග්‍රෑන්ඞ් ස්ලෑම් ඒකළ ශූරතාවක් දිනාගත් පළමු කැනේඩියානු ක්‍රීඩිකාව බවට පත්වීමට බියන්කා ඇන්ඩි්‍රස්කු පසුගියදා සමත්වුවාය.

“මම ඇත්තටම භාග්‍යවන්තයි” යැයි 19 හැවිරිදි බියන්කා ඇන්ඩි්‍රස්කු සිය ජයග්‍රහණය සමරමින් පැවසුවාය.

“මම එක රැයකින් මෙතනට පැමිණියේ නෑ. ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා. ගොඩාක් පසුබෑම්, ගොඩාක් උඩු යටිකුරු කිරීම් තිබුනා” යයි ඇය කීවාය. 

ටොරොන්ටෛා් නුවර උපනගරයක්වූ මිසිසුබා නගරයේ පුරපති පවසා සිටියේ ඇන්ඩි්‍රස්කු නගරයේ ප්‍රධාන මාතෘකාව බවයි.
“වයසක සහ තරුණ කැනේඩියානුවන්ගේ මහත් ප්‍රබෝධයට හේතුව ඇයයි. නමුත් අවංක වෙන්න, විශේෂයෙන් තරුණ කැනේඩියානුවන්. හේතුව ඇය පෙන්නලා තියෙනවා තරුණයන්ට ඕන දෙයක් කරන්න පුළුවන් බව” යැයි කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ මහතා පැවසීය.

24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව දිනාගනිමින් වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ගණනක් හිමිකර ගැනීමේ වාර්තාව සමකිරිමේ අවස්ථාව සේරීනා විලියම්ස්ට අහිමිකළ බියන්කා ඇන්ඩි්‍රස්කු 6-3 ක් සහ 7-5 ක් ලෙස අවසන් මහ තරගය ජයගැනීමට සමත්වූවාය.

වසරක් තුල ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හී 200 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.

“මට ඇත්තටම සතුටුයි, මම කවදාවත් අත්හැරියේ නෑ”

“මට හැමෝම එක්ක ඉන්න බැරි වුනා යැයි ඇන්ඩි්‍රස්කු පැවසීය. “මට ඒක කරන්න පුළුවන්නම්, සේරීනාට ඒක කරන්න පුළුවන්නම්, රොජර් ෆෙඩරර්ට ඒක කරන්න පුළුවන්නම්, රැප්ටර්ස්ට ඒක කරන්න පුළුවන්නම්, ඔබටත් පුළුවන්” යැයි ඇය පැවසුවාය. 

 


අදහස් (0)

බියන්කා සෙරීනාගේ සිහිනය බොඳකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.