Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාකිස්තානය පරදවමින් ශ්‍රී ලංකාව ශූරතාව දිනයි

පාකිස්තානය පරදවමින් ශ්‍රී ලංකාව ශූරතාව දිනයි

editorial - 2019 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා බේස්බොල් සම්මේලනය සංවිධානය කළ බටහිර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (20 වැනිදා) සමත් විය. ඉනිම් 9 කින් සමන්විත වූ අවසන් මහ තරගයේදී ලකුණු 5-4 ක් ලෙස පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා එම ශූරතාවට හිමිකම් කීවේය.

අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර රත්නාක පිතිහරඹයෙන් සහ පන්දු රැකීමෙන්ද, ශෂික දුල්ෂාන් පන්දු යොමුකිරීමෙන්ද, අමිල පුෂ්පසිරි පන්දු රැකීමෙන්ද කැපී පෙනෙන දස්කම් දැක්වූහ. ඔවුන් අතරින් ශෂික දුල්ෂාන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනාගත්තේය.

දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා රටවල් 6 ක් සහභාගි වූ අතර අවසන් පූර්ව වටයේදී ලකුණු 10-2 කින් ඉරානය පරාජය කරමින් ශ්‍රී ලංකාවද, ලකුණු 13-2 කින් ඉන්දියාව පරාජය කරමින් පාකිස්තානයද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව මූලික වටයේ තරගවලදී ඉන්දියාවට එරෙහිව ලකුණු 2-1 ක ජයක්ද, නේපාලයට එරෙහිව ලකුණු 13-0 ක ජයක්ද ලබාගත් අතර පාකිස්තානය මූලික වටයේ තරගවලදී ඉරානයට එරෙහිව ලකුණු 11-1 ක ජයක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 17-0 ක ජයක්ද ලැබීය.

ඉන්දියාව සහ ඉරානය අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ලකුණු 8/1 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වූ අතර තරගාවලියේ 5 වැනි සහ 6 වැනි ස්ථාන තෝරාගැනීම සඳහා බංග්ලාදේශය සහ නේපාලය අතර පැවැති තරගයේ ජය ලකුණු 11/4 ක් ලෙස බංග්ලාදේශය සතුවිය.


අදහස් (0)

පාකිස්තානය පරදවමින් ශ්‍රී ලංකාව ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.