Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දක්ෂතම ක්‍රීඩකයා සෙනුර : ක්‍රීඩිකාව බිමන්දි

දක්ෂතම ක්‍රීඩකයා සෙනුර : ක්‍රීඩිකාව බිමන්දි

ශානුක අරවින්ද - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටිභාර් ක්‍රීඩා සමාජය 15 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට තවමත් 13 වැනි වියේ පසුවන කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සහ මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.
 
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. එහිදී ඔවුහු වයස 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ, 18 න් පහළ සහ විවෘත යන කාණ්ඩ යටතේ තරග වැදුණහ.

වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන පරාජය කළ සෙනුර සිල්වා, ඉන් නොනැවතී විවෘත පිරිමි අවසන් මහ තරගයේදී හිටපු ජාතික ශූරයකු වන රොහාන් සිරිසේනද පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.

බිමන්දි බණ්ඩාර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ වයස 15 න් පහළ බාලිකා ශූරතාව දිනාගනිමින් මෙන්ම වයස 18 න් පහළ බාලිකා සහ විවෘත කාන්තා යන කාණ්ඩවල අනු ශූරතාද තමන් සතුකර ගනිමිනි.

වයස 15 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්සා පරාජය කළ බිමන්දි, වයස 18 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ කවිෂ්කා කවිදි හමුවේද, විවෘත කාන්තා අවසන් මහ තරගයේදී වරාය අධිකාරයේ ඉෂාරා මධුරංගි හමුවේද පරාජයට පත් වූවාය.

 

බාලක තරග ප්‍රතිඵල
■ වයස 10 න් පහළ
සෙනුල් රත්නායක (මහනුවර ධර්මරාජ විදුහල) විසින් අකේන් බෝජිත් (අම්බලන්ගොඩ කුලරත්න විදුහල) පරාජය කරන ලදි.

■ වයස 12 න් පහළ
දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් දනුක් ළමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි.

■ වයස 15 න් පහළ
ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි.

■ වයස 18 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.


බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 10 න් පහළ
මේකල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් සමින්දි වීරසූරිය (මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය) පරාජය කරන ලදි.

■ වයස 12 න් පහළ
ලෙසන්‍යා සෙතුම්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) පරාජය කරන ලදි.

■ වයස 15 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි.

■ වයස 18 න් පහළ
කවිෂ්කා කවිදි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි.  

විවෘත පිරිමි
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් රොහාන් සිරිසේන (ස්ටැග් මේස පන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි.

විවෘත කාන්තා
ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) විසින් බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි.


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා සෙනුර : ක්‍රීඩිකාව බිමන්දි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.