Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තරගය පරයා ඉස්මතුවන සහෝදරත්වය

තරගය පරයා ඉස්මතුවන සහෝදරත්වය

Dilrukshi - 2015 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ තීරණාත්මක තරගට සහභාගී වූ විලියම්ස් සොයුරියන්ගෙන් වැඩිමල් සොයුරිය වන වීනස් පරදවා නැගණිය සෙරීනා ජයගත්තාය. එහෙත් ජයග‍්‍රහණයේ සැමරුමක් එතැන තිබුණේ නැත. ඔවුහු එකිනෙකා සිපවැළඳ ගත්හ. අනතුරුව නැගණිය සිය වැඩිමල් සොයුරියගේ කනට කොඳුරා මොනවදෝ කියනු පෙනිණි.


ලන්ඩනයේ විම්බල්ඩන් ටෙනිස් සංකීර්ණයේ මධ්‍යම පිටියේදී පැවැති වසරේ වඩාත්ම සංවේදී ටෙනිස් තරගයෙන් ලොව නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා සිය වැඩිමල් සොයුරිය වන වීනස් ලකුණු 6-4 ක් සහ 6-3 ක් ලෙස තරග වට 2-0 කින් පරාජය කිරීමෙන් පසුව දක්නට ලැබුණේ එවැනි සිදුවීමකි. එය සෙරීනා ජයග‍්‍රහණය සමරන සුපුරුදු ලීලාවෙන් එහෙම පිටින්ම වෙනස් ආකාරයේ එකකි.


එය විම්බල්ඩන් ශූරතාවලියේ අතිශය වැදගත් තරගයක් වූවත් මේ දෙසොයුරියන්ට නම් එය පවුලේ තරගයක් බඳු විය. එකිනෙකාට ඇති අසීමිත ගෞරවය විදහා දක්වමින් තරගයෙන් පසුව දෙදෙනා පිටියෙන් නික්ම යද්දී රැුස්ව සිටි දහස් සංඛ්‍යාත කී‍්‍රඩාලෝලීන් දෙදෙනාටම පී‍්‍රතිඝෝෂා කළහ.


සෙරීනා විම්බල්ඩන් තරගයක දී සිය සොයුරිය පරාජය කළේ වසර 6කට පසුවය. ඒ සඳහා ඇය වැඩි කාලයක් මිඩංගු නොකළ අතර තරගය පැයකුත් මිනිත්තු 8 කින් තරගය නිමාවට පත්විය. විලියම්ස් සොයුරියන් අතර මෙතෙක් ටෙනිස් පිටියේ පැවැති තරග 26 කින් දැන් සෙරීනා 15ක් ජයගෙන සිටින්නීය.


”තමන් වඩාත් ආදරය කරන කෙනෙක්ව මෙහෙම පරාජය කිරීම කොහෙත්ම පහසු දෙයක් නෙවේ” තරගයෙන් පසුව සෙරීනා කීවාය.


වසර 2008 දී සිය අවසන් විම්බල්ඩන් ශූරතාව දිනාගැනීමෙන් පසුව වීනස් වරින් වර විවිධ ආබාධවලට හා දිගුකාලීන අසනීපවලට ගොදුරු වූවාය. එහෙත් විම්බල්ඩන් ශූරතා 5ක් දිනා සිටින මේ පරිණත කී‍්‍රඩිකාව හා ලොව නොම්මර එකේ කී‍්‍රඩිකාව අතර පැවැති සිවුවැනි වටයේ තරගය එවැනි බරපතල තරගයකට වේලාසන වැඩිය. එය වෙන්න තිබුණේ අවසන් පූර්ව හෝ අවසන් මහා තරගයකය.


”මට මෙහෙම හිතුණා. මට දැන් 33 යි. එයාට 35 යි. තව අවස්ථා කීයක අපි දෙන්නට මේ විදිහට තරග කරන්න වේවිද කියලයි” සෙරීනා එසේ කීවේ අකැමැත්තෙන් යුතුවය.


”අපි වසර ගණනාවක් තිස්සේ මේ විදිහට කී‍්‍රඩා කරලා තියෙනවා. හැමදාම අපිට සෙල්ලම් කරන්න ලැබෙන්නෙ නෑ. නමුත් පැහැදිලිවම අපි හොඳ තරගයක් නැරැුඹීමට කී‍්‍රඩාලෝලින්ට අවස්ථාව උදාකළා. තරගය නිමාවුණා. දැන් ඒක ඉවරයි.” වීනස් විලියම්ස් පැවැසුවාය. 

 
”මම හිතන්නේ මං පන්දුව පිරිනැමීම ඉතා හොඳින් කළා කියලයි. ලොකු පහරවල් ගහන්න ගියේ නැතිවුණාට සෑහෙන්න විශ්වාසනීය පහරවල්වලට ගියා. ඇය ඉතා හොඳින් කී‍්‍රඩා කළත් අන්තිමේදි මමයි දිනුවේ” සෙරීනා කීවාය.


ලෝක කාන්තා ටෙනිස් පිටියේ බිහිවූ විශිෂ්ටතම කී‍්‍රඩිකාව සෙරීනා විලියම්ස් බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. එහෙත් වීනස් කීවේ සිය නැගණිය ඇයව එසේ හඳුන්වනවාට කොහෙත්ම කැමැති නැති බවය.


”එයා කැමැති නෑ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩිකාව ඇය කියලා කියනවට. මොකද එයා හැමෝටම හොඳින් ගරු කරන කෙනෙක්. එයා කී‍්‍රඩා කරන මට්ටම කොයිවගේ වුණත් මට විශ්වාසයෙන් යුතුව කියන්න පුලූවනි එයා තරම් තවත් කෙනකුට ගරු කරන කී‍්‍රඩිකාවන් ලෝකේ හරි අඩු බව” වීනස් එසේ කීවාය.


සොයුරිය පරදවමින්  මෙවර විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ අවසන් කී‍්‍රඩිකාවන් අටදෙනා අතරට එක්වූ සෙරීනා අවසන් පූර්ව තරගයේ තැනක් සොයා අද (7) ශී‍්‍ර ලංකා වේලාවන් පස්වරු 7.30ට බෙලරුසියානු කී‍්‍රඩිකා වික්ටෝරියා ඇසරෙන්කා සමග තරග බිමට එක්වන්නීය.

 


අදහස් (0)

තරගය පරයා ඉස්මතුවන සහෝදරත්වය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.