Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කාන්තා යුගල රන් - රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

කාන්තා යුගල රන් - රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

editorial - 2019 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා යුගල බැඩ්මින්ටන් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට ශ්‍රී ලංකා යුගලයන් දෙකක් අද (5 වැනිදා) සමත් වූහ. ඒ අනුව හෙට (6 වැනිදා) පැවැත්වෙන එම ඉසව්වේ අවසන් මහ තරගයේදී රන් සහ රිදී පදක්කම් බෙදා ගැනීම වෙනුවෙන් තිළිණි හෙන්ඳහේවාට සහ කාවින්දිකා සිරිමාන්ගේට එරෙහිව අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.  

අද පැවැති අවසන් පූර්ව වටයේ තරගවලදී ඉන්දීය කණ්ඩායම් දෙකක් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර එහිදී වට 2-0 ක් ලෙස මේඝනා ජක්කම්පුඩි සහ සික්කි රෙඞ්ඩි පරාජය කිරීමට තිළිණි සහ කාවින්දිද, කූහෝ ග්‍රාග් සහ අනුෂ්කා පරිඛා පරාජයට කිරීමට අචිනි සහ උපුලිද සමත් වූහ.

මේ අතර නේපාල ක්‍රීඩකයන් වන ප්‍රින්ස් දහාල් සහ පවන් මහර්ජන් පරාජය කරමින් පිරිමි යුගල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත් වූහ. හෙට පැවැත්වෙන එම ඉසව්වේ අවසන් මහ තරගයේදී ඔවුන් දෙදෙනා ඉන්දියාවේ ක්‍රිෂ්ණා ප්‍රසාද්ට සහ ධරුව් කපිලට එරෙහිව තරග වැදීමට නියමිතය.

මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් මහ තරගයේද ස්ථානයක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා සමත් වූ අතර අවසන් පූර්ව වටයේදී බංගල්දේශයේ සල්මන් ඛාන් සහ උර්මි අක්තර් පරාජය කරමින් ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ඉන්දියාවේ ධරුව් කපිල සහ මේඝනා ජක්කම්පුඩි එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීහූ වෙති.

මේ ලෙස කාන්තා යුගල, පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ඉසව්වල අවසන් මහ තරගවලට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුවද, කේවල ඉසව්වලදී ඔවුන්ට අවසන් පූර්ව වටවලින් ඉවත් වීමට සිදුවූහ.

ඒ අනුව කාන්තා කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ අචිනි රත්නසිරිට සහ ඩිල්මි ඩයස්ට මෙන්ම පිරිමි කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ දිනූක කරුණාරත්නටද ලෝකඩ පදක්කමවලින් සෑහීමකට පත් වීමට සිදුවූහ.


ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අවසන් පූර්ව තරග

පිරිමි කේවල
සිරිල් වර්මා (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/9, 21/12)

කාන්තා කේවල
අෂ්මිතා චාලියා (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/5, 21/7)
ගයාත්‍රී ගෝපිචන්දා (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/17, 21/14)

පිරිමි යුගල
සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ප්‍රින්ස් දහාල් සහ පවන් මහර්ජන් (නේපාලය) පරාජය කරන ලදි. (21/11, 21/19)

කාන්තා යුගල
තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දිකා සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මේඝනා ජක්කම්පුඩි සහ සික්කි රෙඞ්ඩි (ඉන්දියාව) පරාජය කරන ලදි. (21/14, 21/18)
අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස කූහෝ ග්‍රාග් සහ අනුෂ්කා පරිඛා (ඉන්දියාව) පරාජය කරන ලදි. (21/10, 21/18)

මිශ්‍ර යුගල
සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස සල්මන් ඛාන් සහ උර්මි අක්තර් (බංග්ලාදේශය) පරාජය කරන ලදි. (21/8, 21/9)

 


අදහස් (0)

කාන්තා යුගල රන් - රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.