Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එස්.එස්.සී. විවෘත බැඩ්මින්ටන් තරග ජනවාරියේදී

එස්.එස්.සී. විවෘත බැඩ්මින්ටන් තරග ජනවාරියේදී

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී) 11 වැනි වරටත් සංවිධානය කරන විවෘත ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටත් තරගාවලිය ජනවාරි 19 වැනිදා සිට 27 වැනිදා දක්වා සිංහල ක්‍රීඩා සමාජ සහ වෙලඳ සේවා බැඞ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිතය. එහිදී ඔවුන් ඉසව් 36 ක් යටතේ තරග වදිනු ඇත.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර රුපියල් ලක්ෂ පහක මුදලක් බෙදා දිමට නියමිතය.  සෑම ඉසව්වකම පළමු සහ දෙවැනි ස්ථාන දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමේ. එහිදී දිරිගැන්වීමක් වශයෙන් අවුරුදු 15 ට අඩු ඉසව්වල තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගත්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සහතික පත් ලබා දීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

තරගාවලියේ අයැදුම්පත් සිංහල ක්‍රීඩා සමාජයෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයෙන් ලබාගත හැකිය. ජනවාරි මස 11 වැනිදා පස්වරු 4.00 ට අයැදුම්පත් බාරගැනීමට අවසන් වේ.

-036

 


අදහස් (0)

එස්.එස්.සී. විවෘත බැඩ්මින්ටන් තරග ජනවාරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.