Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආණ්ඩුකාර කුසලාන තරගාවලිය 15 දා

ආණ්ඩුකාර කුසලාන තරගාවලිය 15 දා

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
ශානුක අරවින්ද
-------------------

දිවයිනේ පැරණිතම තුරඟ තරගාවලියක් වන ආණ්ඩුකාර කුසලාන තුරඟ තරගාවලිය මේ මස 15 වැනිදා පෙරවරු 10.00 සිට නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. එහිදී තුරඟ තරග 5 ක් පැවැත්වීමට සංවිධායකයන්  කටයුතු සූදානම් කර ඇත. රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන ආණ්ඩුකාර කුසලාන තරගාවලියට අමතරව රැජින කුසලාන තරගය, නගරාධිපති කුසලාන තරගය සහ තවත් තරග දෙකක්ද එහිදී පැවැත්වෙනු ඇත.

දිවයිනේ ප්‍රමුඛ පෙලේ අශ්වගාල වන එඩ්වඩ්ස් අශ්වගාල, ජයරත්න අශ්වගාල, ෆියර්ලස් අශ්වගාල, ඩයිනමික් අශ්වගාල සහ අනෙකුත් තනි හිමිකරුවන් සතු අසුන් රාශියක් එහිදී තරග බිමට පිවසීමට නියමිතය. ෆියර්ලස් අශ්වගාලේ තුරඟකු වන ‘ස්පිරිටඩ් ටච්’ ආණ්ඩුකාර කුසලානයේ වත්මන් හිමිකාරීත්වය දරයි. එඩ්වඩ්ස් අශ්වගාලේ වෙළඹක වන අල්කසබා පිට පිටම දෙවරක් එම කුසලානයට හිමිකම් කියමින් වාර්තාවක්ද පිහිටුවා තිබේ.
 
1875 වසරේ නුවරඑළිය තුරඟ තරග පිටියේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් පළමු වරට පවත්වනු ලැබ ඇති මෙම ආණ්ඩුකාර කුසලාන තුරඟ තරගය මේ වන විට ශ්‍රී ලංකාවේ පැරණිම සහ ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවක් දක්වන තුරඟ තරගය බවට පත්ව තිබේ.

පළමු වරට ආණ්ඩුකාර කුසලාන තුරඟ තරගාවලියට අනුග්‍රාහක දායකත්වය දීම සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්ස්පෝ ලංකා පුද්ගලික සමාගමේ සාමාජිකයකු වන ඊ.එෆ්.එල්. ඉදිරිපත් වී තිබේ. ඊ.එෆ්.එල්. මේ වන විට රග්බි, පාපන්දු සහ වොලිබෝල් යන ක්‍රීඩා සඳහාද අනුග්‍රහය දක්වන අතර මෙම තරගාවලියේ සිට තුරඟ තරග පිටියටද එක්වෙයි.

 

ඊ.එෆ්.එල්. හි කළමනාකාර අධ්‍යක්ෂ සයිෆ් යූසුෆ් මහතා (වමේ සිට තෙවැනියා), රාජකීය තුරඟ තරග සමාජයේ භාණ්ඩාගාරික නිසිත රූපසිංහ මහතාට (දකුණේ සිට තෙවැනියා) තරගාවලියට අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. ඊ.එෆ්.එල්. හි ප්‍රධාන ප්‍රවර්ධන නිලධාරී ලෙරෝයි ඊබට් ප්‍රධාන විධායක නිලධාරී සැමී අක්බර්, එක්ස්පෝ ලංකා සමාගමේ කලමණාකාර රියොටෝ හාරියා සහ රාජකීය තුරඟ තරග සමාජයේ ඉසව් සම්බන්ධීකාරක ශබාන් ෂුහායිබ් යන මහත්වරුද ඡායාරූපයේ සිටිති

 


අදහස් (0)

ආණ්ඩුකාර කුසලාන තරගාවලිය 15 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.