Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අනීකා සෙනෙවිරත්නගෙන් රිදී පදක්කමක්

අනීකා සෙනෙවිරත්නගෙන් රිදී පදක්කමක්

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් ක්‍රීඩාවේ කාන්තා කේවල ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අනීකා සෙනෙවිරත්න අද (9 වැනිදා) සමත් වූවාය.

අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ එස්. බවිසෙට්ටි හමුවේ පරාජය වීම හේතුවෙන් අනීකාට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට නොහැකි වූ අතර ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමටද සිදුවූවාය.

එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම ඉන්දීය ක්‍රීඩිකාවන් සතු වූ අතර එහිදී සත්විකා සාමා විසින් රන් පදක්කමද, එස්. බවිසෙට්ටි විසින් රිදී පදක්කමද දිනාගනු ලැබූහ.

අනීකා හැරුණුකොට සෙසු ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කේවල සහ යුගල ඉසව්වලදී පදක්කම් දිනාගැනීමට අසමත් වූහ.


-036

 


අදහස් (0)

අනීකා සෙනෙවිරත්නගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.