Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනා හැඬූ කඳුළින් ඉවතට යයි

සෙරීනා හැඬූ කඳුළින් ඉවතට යයි

editorial - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 ලෝක වාර්තාව හඹා යමින් සිටි සෙරීනා විලියම්ස් අද (18 වැනිදා) පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ජපානයේ නයෝමි ඔසාකා අතින් පරාජය වූවාය. 39 හැවිරිදි සෙරීනාට එරෙහිව ලකුණු 6-3 සහ 6-4 ක් ලෙසින් ඉතා පහසු ජයක් ලබාගැනීමට නයෝමි ඔසාකා සමත් වූවාය.
 
“හැම දේම වැරදී ගිය දවසක්” යයි පරාජයෙන් පසුව සෙරීනා කියා සිටියාය. තරගයෙන් පසුව සාමාන්‍යයෙන් පැවැත්වෙන පුවත් පත් සාකච්ඡාවටත් වැඩි වේලාවක් පෙනී නොසිටි සෙරීනා හඬමින්ම ඉවත ගියාය.

මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් දිනාගනිමින් මාග්‍රට් කෝට්ගේ ලෝක වාර්තාව හඹා යමින් සිටින සෙරීනා අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත්තේ 2017 ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදීමය. එම තරගාවලිය ජයගන්නා විට සෙරීනා ගැබිණියක්ව සිටියාය.

2017 ජයග්‍රහණයෙන් පසුව සෙරීනා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි 4 කදීම අවසන් මහ තරග පරාජය වූ අතර ඊයේ අවසන් මහ තරගය පෙනි පෙනී පරාජය වූවාය.

අවසන් පූර්ව වටයේ පළමු තරගය ආරම්භයේදී සෙරීනා ඉදිරියෙන් සිටි නමුත් එක දිගට තරග කාණ්ඩ පහක් ජයගනිමින් ඔසාකා සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව අන්ද මන්ද කළාය.
“අද දවසේ වුණේ වැරදීම් විතරයි... මගේ අතින් වැරදීම් ගොඩාක් වුණා..”

“ඇත්තටම කියනවා නම් මට ජයගත හැකි අවස්ථා ගණනාවක්ම තිබුණා... ඒත් හැම දේම වැරදුණා” යයි ඇමරිකානු ක්‍රීඩිකාව කියා සිටියාය. සිදුවූ වැරදීම් මොනවාද යන්න මාධ්‍යවේදීන් දිගින් දිගටම කළ විමසීම් වලදී ඇය හඬා වැටුණාය.

“මම දන්නෑ.. මම ඉවරයි” කියමින් ඇය නැඟිට යන්නට ගියාය.

සෙරීනා සිය අත ළමැදට තබාගනිමින් පිටියෙන් ඉවත්ව ගිය ආකාරය බොහෝ දෙනා දුටුවේ ඇය ටෙනිස් පිටියෙන් සමුගන්නා ආකාරයක් ලෙසිනි. එහෙත් පසුව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ “මම දන්නෑ... මම කවදාවත් එහෙම කියාවිද කියා මම දන්නෑ.. මම කාටවත් එහෙම කියන්නේ නෑ” යයි කීවාය.

කෙසේ වෙතත් සෑහෙන වේලාවකට පසුව සිය ඕස්ටේ්‍රලියානු ක්‍රීඩා ලෝලීන්ට දිගින් දිගටම ස්තුති කරමින් සෙරීනා ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් තබා තිබිණ.

සෙරීනාට වඩා අවුරුදු 16 කින් බාල ක්‍රීිඩිකාවක් වන ඔසාකා හැදී වැඩුණේ සෙරීනා දෙස බලා සිටිමිනි. ඔසාකා කීවේ සෙරීනා සමග එකම පිටියේ තරග කිරීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් බවයි.

“ඒක මහ විශාල හැඟීමක්. මම එයාත් එක්ක සෙල්ලම් කරන හැම වෙලාවකදීම ඒකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා” යයි කී ඔසාකා ඇමරිකානු ක්‍රීඩිකාව ටෙනිස් පිටියෙන් සමුගැනීමට සූදානම් වීම “කණගාටුවට කාරණයක්” යයිද කීවාය.

“මගේ ඇතුළේ ඉන්න පුංචි ළමයා නම්, එයා (සෙරීනා) හැමදාම සෙල්ලම් කරනවා දකින්න ආසයි” යයිද ඔසාකා පැවසුවාය.  

කාන්තා විවෘත අංශයේ අනෙක් අවසන් පූර්ව තරගයේදී චෙක් ජනරජයේ කැරොලිනා මුඛෝවා පරාජය කරමින් ඇමරිකානු ක්‍රීඩිකා ජෙනිෆර් බ්‍රැඩී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.

කාන්තා අවසන් මහ තරගය නයෝමි ඔසාකා සහ බ්‍රැඩී අතර පැවැත්වේ.

පිරිමි කේවල තරගාවලියේ අවසන් පූර්ව තරගයේදි රුසියාවේ අස්ලන් කරස්තේව් ලකුණු 6-3, 6-2 සහ 6-2 පරාජය කරමින් සර්බියාවේ නොවැක් ජොකොවික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.


- 213

 


අදහස් (0)

සෙරීනා හැඬූ කඳුළින් ඉවතට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.