Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සචින් - අකලංක එලායන්ස් අනුග්‍රහය ලබති

සචින් - අකලංක එලායන්ස් අනුග්‍රහය ලබති

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දක්‍ෂ බැඞ්මින්ටන් ක්‍රීඩකයකු වන සචින් ඩයස්ට සහ පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ට අනුග්‍රහය දැක්වීමට එලායන්ස් මූල්‍ය සමාගම ඉදිරිපත් වී තිබේ. 

ශ්‍රී ලංකාවේ ජාතික බැඞ්මින්ටන් සංචිතයේ සිටින ප්‍රබල ක්‍රීඩකයෙකු වන සචින් ඩයස් මැලේසියාවේ පැවැති සුදීර්මන් කුසලාන තරගාවලියේදී බුවනෙක ගුණතිලක සමග එක්ව යුගල ඉසව්ව නියෝජනය කරමින් ස්ලෝවේකියා, ලිතුවේනියා සහ ස්විට්සර්ලන්තය කණ්ඩායම් පරාජය කරමින් III කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඔවුන් දක්වන ලද දක්ෂතාව සමස්ත තරගාවලියේ 21 වැනි ස්ථානය ලෙසින් සටහන් විය. 

තවමත් 23 වැනි වියේ පසුවන සචින්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තලයේ පසුවන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම පසුවෙන ක්‍රීඩකයෙකි. ගෙවී ගිය වසර කීපයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි රැසක්ම නියෝජනය කළ ඔහු ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගීවීමේ වරම්ද ලැබුවේය. අවසන් වරට පැවැති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදීද රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමටද සචින් සමත් විය. එමෙන් 2014 වසරේ චීනයේ පැවැති යොවුන් ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ සචින් එම තරගාවලි ඉතිහාසයේ පළමු පදක්කම (ලෝකඩ) ශ්‍රී ලංකාවට දිනා දීමට වාසනාවන්ත විය. 

එලායන්ස් මූල්‍ය සමාගම අනුග්‍රහය දක්වන සෙසු ක්‍රීඩකයා වන අකලංක පීරිස් බලාපොරොත්තු තැබිය හැකි පිහිනුම් ක්‍රීඩකයෙකි.  5 වැනි වරටත් පැවැති ආසියානු පාසල් ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට දිනා දුන් අකලංක, අවසන් වරට පැවැති පොදුරද මඩුලු සහ ආසියානු ක්‍රීඩා තරගාවලිවලටද සහභාගි විය. 

-036 


අදහස් (0)

සචින් - අකලංක එලායන්ස් අනුග්‍රහය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.