Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව සුපිරි අට දෙනාගේ වටයෙන් ඉවතට

ශ්‍රී ලංකාව සුපිරි අට දෙනාගේ වටයෙන් ඉවතට

editorial - 2019 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දියාවේ කටක් ප්‍රාන්තයේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම සුපිරි අට දෙනාගේ වටයෙන් ඉවතට විසිවිය.

ඒ අනුව පිරිමි කණ්ඩායම කණ්ඩායම් ඉසව්වේ 7 වැනි සහ 8 වැනි ස්ථාන සඳහා වේල්සයට එරෙහිව තරග වදින අතර කාන්තා කණ්ඩායම 7 වැනි සහ 8 වැනි ස්ථාන සඳහා ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.

සුපිරි අට දෙනාගේ වටයටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහිදී වේල්සය හමුවේ තරග 3-1 ක්, ඉන්දියාව හමුවේ වට 3-0 ක් සහ මැලේසියාව හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්විය.
 
සුපිරි අට දෙනාගේ වටයටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහිදී සිංගප්පූරුව හමුවේ හමුවේ වට 3-0 ක්, එංගලන්තය හමුවේ වට 3-0 ක් සහ ඕස්ටේ්‍රලියාව හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්විය.


පිරිමි තරග ප්‍රතිඵල

වේල්සය විසින් තරග 3-1 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■    රොහාන් සිරිසේන විසින් වට 3-0 ක් ලෙස ජොෂුවා ස්ටේසි පරාජය කරන ලදි. (11/5, 12/10, 11/7)
■    කැලම් එවන්ස් විසින් වට 3-0 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරන ලදි. (11/7, 15/13, 11/7)
■    ඩීන් කැන්ඩි විසින් වට 3-2 ක් ලෙස මිලින්ද ලක්ෂිත පරාජය කරන ලදි. (11/8, 8/11, 8/11, 11/4, 11/8)
■    කැලම් එවන්ස් විසින් වට 3-1 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කරන ලදි. (11/5, 2/11, 11/6, 11/4)

 
ඉන්දියාව විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■    අමල්රාජ් ඇන්තනී විසින් වට 3-0 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරන ලදි. (11/5, 11/6, 11/3)
■    සත්‍යන් ඤානසේකරන් විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ පරාජය කරන ලදි. (11/5, 11/3, 11/4)
■    මානව් තක්කර් විසින් වට 3-1 ක් ලෙස මිලින්ද ලක්ෂිත පරාජය කරන ලදි. (11/8, 11/9, 8/11, 11/1)


මැලේසියාව විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■    රිසාල් මොහොමඞ් විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කරන ලදි. (11/7, 11/5, 11/6)
■    චී ලියෝන්ග් විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ පරාජය කරන ලදි. (11/3, 11/7, 11/7)
■    ජාවෙන් වූන්ග් විසින් වට 3-0 ක් ලෙස මිලින්ද ලක්ෂිත පරාජය කරන ලදි. (11/4, 11/7, 11/4)

 

කාන්තා තරග ප්‍රතිඵල

සිංගප්පූරුව විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■    රූ වොන්ග් සින් විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි පරාජය කරන ලදි. (12/10, 11/3, 11/9)
■    ශුවාන් ගොයි රුල් විසින් වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය පරාජය කරන ලදි. (11/6, 11/1, 11/6)
■    ලින්ග් සෑන්ග් වැන් විසින් වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර පරාජය කරන ලදි. (9/11, 11/6, 11/2, 11/4)


එංගලන්තය විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■    ටින් ටින් හෝ විසින් වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර පරාජය කරන ලදි. (11/6, 11/6, 11/4)
■    ඩෙනිස් පයෙට් විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි පරාජය කරන ලදි. (11/8, 11/7, 11/8)
■    එමිලි බෝල්ටන් විසින් වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය පරාජය කරන ලදි. (11/3, 11/3, 11/6)


ඕස්ට්‍රේලියාව විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■    මෙලීසා ටැපර් විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි පරාජය කරන ලදි. (11/2, 11/3, 11/6)
■    චුන්යි ෆෙන්ග් විසින් වට 3-2 ක් ලෙස බිමන්දි බණ්ඩාර පරාජය කරන ලදි. (7/11, 12/10 12/14, 11/17, 11/5)
■    මිචෙල් බෘම්ලි විසින් වට 3-0 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු පරාජය කරන ලදි. (11/6, 11/3, 11/4)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව සුපිරි අට දෙනාගේ වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.