Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි මුල් පුටුවට හිටපු ශූරයෝ දෙදෙනෙක් ඉල්ලති

පාපැදි මුල් පුටුවට හිටපු ශූරයෝ දෙදෙනෙක් ඉල්ලති

නාමල් පතිරගේ - 2021 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අප්‍රේල් 6 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා හිටපු නමගිය පාපැදි ශූරයන් දෙදෙනකු ඉදිරිපත්ව සිටියි. ඒ.එච්.එල්. ක්‍රිෂාන්ත හා බී.ජේ. සුමනසේකර යන මහත්වරුන්ය.

පාපැදි සම්මේලනයේ මීළඟ නිලවරණය (2021-22) සඳහා නාමයෝජනා බාර ගැනීම ඊයේ (24) නිමාවට පත්විය. එහිදී සියලු ධුර පිරවීම සඳහා ඡන්ද විමසීම් සිදු කිරීමට සිදුව ඇත්තේ යෝජනා රැසක් ඉදිරිපත්ව තිබීමෙනි. උපසභාපති ධුර හයක් සඳහා එහිදී ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා ගණන 17 කි. හිටපු විධායක සභාවේ කටයුතු කළ උප සභාපතිවරු බහුතරයක්ද ඒ අතර වෙති.

මෙවර පාපැදි මුල් පුටුවට ඉදිරිපත්ව සිටින බී.ජේ. සුමනසේකර මහතා මොරටුව පහන්සිළු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් හා එච්.එල්. ක්‍රිෂාන්ත මහතා සිය නමින්ම ක්‍රියාත්මක ගාල්ල එච්.එල්. ක්‍රිෂාන්ත ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ද සිය නාමයෝජනා බාරදී තිබේ.

මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික පාපැදි කණ්ඩායම්හි නායකත්වය දැරූ එමෙන්ම මෙරට පැවැති ප්‍රධානතම පාපැදි තරග ගණනාවක්ම ජයගත් ප්‍රවීණයෝ වෙති. ඒ අතරින් ක්‍රිෂාන්ත මහතා සාක් පාපැදි ශූරතා පදක්කම්ලාභියෙක්ද වේ.

මෙවර නිලවරණය සඳහා ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් 36 ක් මේ වනවිට නිර්දේශ ලබා සිටින අතර ප්‍රතික්ෂේප වූ ක්‍රීඩා සමාජ දෙකක් ඡන්ද බලය ඉල්ලා අභියාචනා ඉදිරිපත් කර තිබේ. මෙවර නිලවරණයේදී තවත් විශේෂත්වයක් වන්නේ ඡන්ද ඒකකයකට එකම ඡන්දයක් පමණක් හිමිව තිබීමය.

කෙසේ වුවත් සභාපති ධුරයට තරග වදින බව ප්‍රකාශ වූ පසුගිය දිනවල ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගේ හමුවීම්වලටද සහභාගී වූ පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වූ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා හා කපිතාන් චන්දන රත්නායක යන මහත්වරු අවසන් මොහොතේදී නාමයෝජනා ඉදිරිපත් කර සිටීමෙන් වැළකී සිටියහ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට (2021-22) ඉදිරිපත් වූ නාමයෝජනා

♦ සභාපති ධුරයට:- එච්.එල්. ක්‍රිෂාන්ත හා බී.ජේ. සුමනසේකර යන මහත්වරු
♦ ප්‍රධාන ලේකම් ධුරයට:- අශෝක කුමාර පෙරේරා, වසන්තා කහපොළආරච්චි, එච්.ඒ. කරුණාරත්න හා නලින් අධිකාරිආරච්චි යන මහත්ම මහත්මීන්
♦ භාණ්ඩාගාරික ධුරය:- ජී.ජී.ඒ.එල්. සංජීව ගුරුගේ ජයසිංහ, ජනක ප්‍රනාන්දු යන මහත්වරු
♦ උප සභාපතිවරු:- (7 – එක් ධුරයක් පාසල් සංගමයට නිතරගයෙන් හිමිවේ):- බී.ජ්. සුමනසේකර, එච්.එල්. ක්‍රිෂාන්ත, ප්‍රභාත් සිල්වා, ලෝරන්ස් ජයලත්, ඒ.ඒ. ජයසිංහ, නිෂාන්ත පියසේන, උපාලි රත්නායක, සී.පී. මීමනගේ, එච්.ඒ. කරුණාරත්න, සුමිත් බාලසූරිය, ජිත්මල් රත්නායක, එච්.ඩබ්. පණ්ඩිරත්න, බුද්ධික මධුශංඛ, මහේෂ් මොල්ලිගොඩ, චන්දන කඳනආරච්චි, සම්පත් ක්‍රිෂාන්ත හා නලින් අධිකාරිආරච්චි යන මහත්වරු
♦ නියෝජ්‍ය ලේකම් ධුරයට:- කුමාර මොලගොඩ, වසන්තා කහපොළආරච්චි, ඊ.එම්. දිසානායක, ඒ.ඒ. රණසිංහ යන මහත්ම මහත්මීන්

 


අදහස් (0)

පාපැදි මුල් පුටුවට හිටපු ශූරයෝ දෙදෙනෙක් ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.