Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දෙවුන්දර සිට පේදුරු තුඩුවට පාපැදියෙන්

දෙවුන්දර සිට පේදුරු තුඩුවට පාපැදියෙන්

ශානුක අරවින්ද - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැය 24 ක කාලයක් තුළ දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කිරීමේ අභියෝගය හෙවත් ‘රේස් ද පර්ල්’ පාපැදි සවාරිය හෙට (13 වැනිදා) පෙරවරු 6.00 ට දෙවුන්දර මහ දේවාලය අසලින් ආරම්භ වීමට නියමිතය.

දෙවැනි වරට පවත්වනු ලබන මෙම පාපැදි තරගය දෙවුන්දර සිට වැල්ලවාය දක්වාද, වැල්ලවායේ සිට දඹුල්ල දක්වාත්, දඹුල්ලේ සිට පේදුරුතුඩුව දක්වාත් අදියර තුනකින් සමන්විත වන අතර එහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 603 කි.

තරගයක් නොවුණද අධික වෙහෙස දරාගැනීමේ අභියෝගාත්මක පාපැදි සවාරියේදී තරගකරුවන්ට පැය 24 ක කාලයක් තුළ දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කිරීමේ අභියෝගයක් හිමිවේ. තනිව හෝ කණ්ඩායමක් ලෙස කඩින් කඩ මෙම දුර තරණය කිරීමෙන් තරගකරුවන්ට එම අභියෝගය ජයගැනීමේ හැකියාව තිබේ. එහිදී ඔවුන්ට කායික සහ මානසික බාධාවන් මෙන්ම හිරු රෂ්මිය, වර්ෂාව සහ විවිධ සුළං තත්වයන් යටතේ තරග වැදීමට සිදුවේ.  

මෙවර තරගය සඳහා තරගකරුවන් 30 දෙනෙක් සහභාගි වන අතර එහි සිටින ලාබලම තරගකරුගේ වයස අවුරුදු 17 ක්ද, වයස්ගතම තරගකරුගේ වයස අවුරුදු 71 ක්ද වේ. පළමු වරට පැවැති තරගය සඳහා තරගකරුවන් පමණක් සහභාගි වුවද, මෙවර තරගය සඳහා තරගකාරියන්ද සහභාගිවන බව සංවිධායකයෝ පවසති.

‘ශ්‍රී ලංකා සවාරිය’ පාපැදි තරගාවලි ගණනාවකදි ජයග්‍රහණ හිමිකරගත් ප්‍රමුඛ පෙලේ පාපැදිකරුවන් දෙදෙනකු වන බෙනිපස් පෙරේරා සහ ඒ. එම්. සුමනවීරද තරගකරුවන් දිරිගැන්වීම සඳහා මෙම තරගයේදී ප්‍රදර්ශන ධාවනයක නිතර වීමට සූදානමින් සිටිති. එහිදී බොනිපස් දෙවුන්දර සිට වැල්ලවාය දක්වාද, සුමනවීර වැල්ලවායේ සිට දඹුල්ල දක්වාද ගමන් කිරීමට නියමිතය. ඔවුන් දෙදෙනාම මේ වන විට 70 වැනි වියේ පසුවෙති.

මේ වසරේ පෙබරවාරි මස 4 වැනිදා පැවැති මෙහි පළමු තරගය පැය 24 ක් තුළ නිමා කිරීමට ඊට සහභාගි වූ තරගකරුවෝ 12 දෙනාම අසමත් වූහ. එහෙත් යයස් හේවගේ සහ රාජන් තනයානයගම් පැය 26 යි, විනාඩි 38 යි, තත්පර 51 ක කාලයක් වැය කරමින් තරගය නිමා කළ පළමු තරගකරුවන් දෙදෙනා බවට පත් වූහ.

ස්පිනර් පාපැදි මධ්‍යස්ථානය සංවිධානය කරන මෙම පැපැදි තරගයේ අනුග්‍රාහකයන් ලෙස ජෙට්වින් හෝටලය, ස්ටැෆර්ඞ් මෝටර්ස්, රෙඞ් බුල්, කැපිටල් අලියාන්ස් රක්ෂණ සමාගම සහ රෝම් පැපැදි සංගමය කටයුතු කරයි.

 


අදහස් (0)

දෙවුන්දර සිට පේදුරු තුඩුවට පාපැදියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.