Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ස්නූකර් අවසන් තරග අනිද්දා සිට

ජාතික ස්නූකර් අවසන් තරග අනිද්දා සිට

editorial - 2019 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය 67 වැනි වරට සංවිධානය කරන ජාතික ස්නූකර් තරගාවලියේ අවසන් වටයේ තරග අනිද්දා (17 වැනිදා) සිට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගම් මූලස්ථානයේදී පැවැත්වේ.

තරගාවලියේ අවසන් වටය සඳහා ක්‍රීඩකයන් 32 ක් සහභාගි වන අතර ඊට මෙවර (2019) තරගාවලියේ දිස්ත්‍රික්ක මට්ටමේ ජයග්‍රාහකයන් බවට පත් වූ ක්‍රීඩකයන් 16 දෙනෙක් සහ ඉකුත් වසරේ (2018) පැවැති ජාතික ස්නූකර් තරගාවලියේ අවසන් ක්‍රීඩකයන් 16 දෙනා ඇතුළත්ව සිටිති.

මෙම තරගාවලියේ මූලික වටයේ තරග දිස්ත්‍රික්කට 4 ක් යටතේ පැවැති අතර එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් 119 ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් 46 ක්ද, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයන් 23 බැගින්ද තරගාවලියට එක්වූහ.

ඔවුන් අතරින් සෑම දිස්ත්‍රික්කයකම ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් සිවුදෙනා බැගින් තොරාගනු ලැබූ අතර එම ක්‍රීඩකයන් 16 දෙනා අවසන් වටයේදී ඉකුත් වසරේ (2018) ජාතික ස්නූකර් තරගාවලියේ අවසන් ක්‍රීඩකයන් 16 දෙනා සමග තරග ලීග් ක්‍රමයට අනුව තරග වැදීමට නියමිතය.  

අවසන් වටයේ තරග අවසානයේ වැඩිම ජයග්‍රහණ අත්කරගන්නා ක්‍රීඩකයන් 16 දෙනෙක් තෝරාගැනෙන අතර ඔවුන් අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහ තරගය දක්වා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව තරග වැදිය යුතුය.

තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 25 වැනිදා පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

 


අදහස් (0)

ජාතික ස්නූකර් අවසන් තරග අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.