Last Update  :  2024-04-24 10:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චීන තායිපේට ගෝල 6-0 ක ජයක්

චීන තායිපේට ගෝල 6-0 ක ජයක්

editorial - 2019 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල් සිංගප්පූරුවේ සිට)

ආසියානු හොකී සංගම්  කුසලාන කාන්තා කනිෂ්ඨ හොකී තරගාවලියේ ඊයේ (9දා) ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයේ දී ගෝල 6-0ක් ලෙස ප්‍රතිවාදි චීන තායිපේ කණ්ඩායමට පරාජය විය. තරගාවලියේ දෙවැනි තරගය ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා-චීන තායිපේ තරගයේ පළමු භාගය අවසන් වනවිට ගෝල 4-0 ක් ලෙස චීන තායිපේ කණ්ඩායම ඉදිරියෙන් සිටියේය. තරගය අවසන් වනවිට සමස්ත තරගය ගෝල 6-0 ක් ලෙස චීන තායිපේ ජයග්‍රහණය ලැබිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සහ ආරක්‍ෂක පෙළ අවසන් භාගයේදී කඩා වැටීම චීන තායිපේ පහසු ජයග්‍රහණයට හේතු විය. ගෝල වාර්තා කිරීමේ පහසු අවස්ථා කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායමට මග හැරුණේ ක්‍රීඩකාවන් නිසි ලෙස ස්ථානගත නොවීම නිසාය.

මෙම තරගයේ ප්‍රතිඵලය සම්බන්ධව අදහස් දැක්වූ කණ්ඩායමේ පුහුණුකරු මිලාන් බොතේජු මහතා ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරග අත්දැකීම් නොතිබීම නිසා මෙම පරාජය හිමිවූ බව පැවසීය.

අද (10දා) ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග තරගයට මුහුණ දීමට නියමිතය.


අදහස් (0)

චීන තායිපේට ගෝල 6-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.