Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉන්දියාව යළිත් ඔලිම්පික් පවුලට

ඉන්දියාව යළිත් ඔලිම්පික් පවුලට

editorial - 2019 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ජාතිකයන්ට වීසා දීමට එකඟවීම නිසා ඉන්දියාවේදී අන්තර්ජාතික තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පනවන ලද තහනම ඉවත් කර තිබේ.

ටෝකියෝ නුවරදී වසර 2020 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ සුදුසුකම් තේරීමේ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් මෙම සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා පාකිස්තානු ක්‍රීඩකයන්ට වීසා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාවට ඔලිම්පික් ක්‍රීඩා සම්බන්ධයෙන් තහනමක් පැනවීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කළේය.

“ඔලිම්පික් ප්‍රඥප්තියට ගරු කරන බවට ඉන්දීය රජයෙන් අපට සහතිකයක් ලැබී තිබෙනවා. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා පන්තියට අයත් ක්‍රීඩාවන්ට හෝ සුදුසුකම් තේරීමේ තරග සඳහා සහභාගි වීමට වෙනත් රටවල ක්‍රීඩකයන්ට ඉන්දියාවට ඇතුලු වීමට අවසර දෙන්න ඉන්දියාව එකඟ වී තිබෙනවා” යයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා පැවසීය.

“මේ හේතුව නිසා අන්තර්ජාතික ක්‍රීඩා තරග සංවිධානය කිරීම තහනම් කරමින් ඉන්දියාවට පනවන ලද වාරණය අද සිට ඉවත් කරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා” යයිද තෝමස් බැච් මහතා පැවසීය.

පසුගිය පෙබරවාරි මාසයේදී කාශ්මීර් ප්‍රදේශයේදී ඇතිවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් හේතුවෙන් ඉන්දියාව පාකිස්තානු ජාතිකයන්ට චෝදනා කරමින් ඔවුන්ට වීසා දීම ප්‍රතික්ෂේප කළේය.

..

 


අදහස් (0)

ඉන්දියාව යළිත් ඔලිම්පික් පවුලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.