Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ‘තායියුආන්’ විවෘත තරගාවලියට යති

‘තායියුආන්’ විවෘත තරගාවලියට යති

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එකම දිනයේ වැඩිම දුරක් ධාවනයේ යෙදෙන ‘තායියුආන්’ අන්තර් ජාතික ආරාධිත කාන්තා පාපැදි සවාරියට සහභාගීවන හය දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා (23) චීනය බලා පිටත්ව යාමට නියමිතය.

කිලෝ මීටර 171 ක් දුරැති මෙම එක්දින කාන්තා පාපැදි තරගය ලබන ඉරිදා (26) ‘තායියුආන්’ නගරයේදී පැවැත්වේ. එය චීනයේ නැගෙනහිර දේශ සීමාවේ උතුරට වන්නට පිහිටි ‘කුම්මින්ග්’ පළාතේ පිහිටි නගරයකි.

ශ්‍රී ලංකා පාපැදි සම්ම්ලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩිකාවන්ට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හැරෙන්නට මෙතෙක් වෙනත් කිසිදු ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා නොමැති අවස්ථාවකදී මෙම චීන තරග සංචාරය ඔවුන්ගේ දක්‍ෂතා මැන බැලීමට ලැබෙන හොඳ අවස්ථාවක් වනු ඇති බවයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩකයන්ට පමණක් ලැබුණු ජාත්‍යන්තර තරග අත්දැකීම් ඉදිරියේදී ක්‍රීඩිකාවන්ටත් විවෘත කරන බවද කරුණාරත්න මහතා පැවසීය.

මෙම තරග සංචාරයේදී කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන පාපැදි සම්මේලනයේ තාක්‍ෂණික කමිටුවේ ලේකම් උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩිකාවන් මින් පෙර එක දිනයකදී පාපැදි පැද ගොස් ඇති උපරිම දුර කිලෝ මීටර් 85 ක් බවයි.

ජාතික පාපැදි ශ්‍රේණිගත කිරීම් අනුව මේ වනවිට 6 වැනි ස්ථානය දක්වා පැමිණ සිටින ක්‍රීඩිකාවෝ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට තේරී සිටිති. එහිදී අංක එකට පත්ව සිටින දිනේෂා දිල්රුක්‍ෂි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නීය.

අනුරාධපුරයේදී මාසයකට ආසන්න කාලයක් පුරා නේවාසිකව පුහුණුවීම් කළ කාන්තා පාපැදි කණ්ඩායම එහි අවසන් අදියර සඳහා මේ වනවිට කොළඹට කැඳවා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තිදෙනෙකුගෙන් ද යුද හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් හා නාවික හමුදා ක්‍රීඩිකාවකගෙන් සමන්විතය.

ශ්‍රී ලංකා කාන්තා පාපැදි කණ්ඩායම
දිනේෂා දිල්රුක්ෂි (නායිකා), සුරනී පංචාලි, මධුමාලි ප්‍රනාන්දු, උදේෂිණී නිරංජලී, ෂාලිකා දිල්හානි හා අයේෂා මධුෂානි, භද්‍රා පුෂ්පා රංජනී (ප්‍රධාන පුහුණුකාරිනී), උපුල් චන්දන ප්‍රියනාත් (කළමනාකරු), ප්‍රියන්ත පෙරේරා (සහය පුහුණුකරු)


අදහස් (0)

‘තායියුආන්’ විවෘත තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.