Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරයා චලිත - ශූරිය ඕෂදී

ශූරයා චලිත - ශූරිය ඕෂදී

ශානුක අරවින්ද - 2019 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මේසපන්දු සංගමය සංවිධානය කළ 63 වැනි වෙළෙඳ සේවා මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතා දිනාගැනීමට සෙලාන් බැංකුවේ චලිත රංජනද, විවෘත කාන්තා කේවල ශූරතා දිනාගැනීමට සයන්ටර් ටෙක්නොලොජීස් සමාගමේ ඕෂදී ගුණසේකරද සමත් වූහ.

අවසන් මහ තරගයේදී සී.ඩී.බී. මූල්‍ය සමාගමේ ආර්.එම්.එල්. චතුරංග පරාජය කරමින් චලිත විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත් අතර ඕෂදී විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී සෙලාන් බැංකුවේ විනෝලි සිල්වා පරාජය කරමිනි.

තරගාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට පික් මී සමාගමේ සහනක ගනේගොඩ සහ ඒ.එන්.සී. එඩියුකේෂන් සමාගමේ මනුර ප්‍රනාන්දු සමත් වූ අතර මාස් හෝල්ඩිංග්ස් සමාගමේ උපේඛා කොටින්කඩුව සහ රායිසා අමනුල්ලා විසින් කාන්තා යුගල ශූරතාවද, එම සමාගමේම චතුර වීරකෝන් සහ උපේඛා කොටින්කඩුව විසින් මිශ්‍ර යුගල ශූරතාවද දිනාගනු ලැබූහ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා සමාගම් සහ ආයතන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 219 දෙනෙක් සහභාගි වූහ.  


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
චලිත රංජන (සෙලාන් බැංකුව) විසින් ආර්.එම්.එල්. චතුරංග (සී.ඩී.බී. මූල්‍ය සමාගම) පරාජය කරන ලදි.

කාන්තා කේවල
ඕෂදී ගුණසේකර (සයන්ටර් ටෙක්නොලොජීස් සමාගම) විසින් විනෝලි සිල්වා (සෙලාන් බැංකුව) පරාජය කරන ලදි.

පිරිමි යුගල
සහනක ගනේගොඩ සහ මනුර ප්‍රනාන්දු (පික් මී සමාගම සහ ඒ.එන්.සී. එඩියුකේෂන් සමාගම) විසින් ආර්.එම්.එල්. චතුරංග සහ චමත් දීමන්ත (සී.ඩී.බී. මූල්‍ය සමාගම) පරාජය කරන ලදහ.

කාන්තා යුගල
උපේඛා කොටින්කඩුව සහ රායිසා අමනුල්ලා (මාස් හෝල්ඩිංග්ස් සමාගම) විසින් ඕෂදී ගුණසේකර සහ ඩිලිනි පෙරේරා (සයන්ටර් ටෙක්නොලොජීස් සමාගම සහ ජොන් කීල්ස් සමාගම) පරාජය කරන ලදහ.

මිශ්‍ර යුගල
චතුර වීරකෝන් සහ උපේඛා කොටින්කඩුව (මාස් හෝල්ඩිංග්ස් සමාගම) විසින් චමත් දීමන්ත සහ උමායා වින්ඞ්සර් (සී.ඩී.බී. මූල්‍ය සමාගම) පරාජය කරන ලදහ.

ආධුනික පිරිමි
ටී.බී.පී. සෙනෙවිරත්න (පීපල්ස් ලීසිං සමාගම) විසින් සුඛිත සමරක්කොඩි (ෆෝචූඞ් සමාගම) පරාජය කරන ලදි.
 
ආධුනික කාන්තා  
රුවිනි ගුණවර්ධන (මාස් හෝල්ඩිංග්ස් සමාගම) විසින් අනුරාධා ලියනගේ (99 එක්ස් ටෙක්නොලොජීස් සමාගම) පරාජය කරන ලදි.

ප්‍රවීන පිරිමි
චලිත රංජන (සෙලාන් බැංකුව) විසින් මනුර ප්‍රනාන්දු (ඒ.එන්.සී. එඩියුකේෂන් සමාගම) පරාජය කරන ලදි.

ජ්‍යෙෂ්ඨ පිරිමි
ගාමිණී මොරායස් (ඇසට්‍රන් සමාගම) විසින් එන්.එම්. තිලකානන්ද  (සිංගර් සමාගම) පරාජය කරන ලදි.


අදහස් (0)

ශූරයා චලිත - ශූරිය ඕෂදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.