Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් සටනට

ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් සටනට

ශානුක අරවින්ද - 2019 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා බේස්බොල් සම්මේලනය සංවිධානය කරන බටහිර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද (18 වැනිදා) සමත් විය. දෙරට අතර අවසන් මහ තරගය අනිද්දා (20 වැනිදා) පස්වරු 2.00 සිට දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

‘ඒ’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකාව, එහිදී ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඉරානයට එරෙහිව ලකුණු 10-2 ක් ලෙස ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගය ඉනිම් 9 කින් සමන්විත විය. 

‘බී’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම වූ පාකිස්තානය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව වටයේදී ලකුණු 13-2 ක් ජයක් වාර්තා කරමිනි. එම තරගය ඉනිම් 7 ක් පුරා පැවැත්විණ. 

ශ්‍රී ලංකාව මූලික වටයේ තරගවලදී ඉන්දියාවට එරෙහිව ලකුණු 2-1 ක ජයක්ද, නේපාලයට එරෙහිව ලකුණු 13-0 ක ජයක්ද ලබාගත් අතර පාකිස්තානය මූලික වටයේ තරගවලදී ඉරානයට එරෙහිව ලකුණු 11-1 ක ජයක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 17-0 ක ජයක්ද ලැබීය. 

අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ ඉන්දියාව සහ ඉරානය අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය හෙට (19 වැනිදා) පස්වරු 1.00 ට ආරම්භ වේ. එම තරගයට පෙර තරගාවලියේ 5 වැනි සහ 6 වැනි ස්ථාන තෝරාගැනීම සඳහා බංග්ලාදේශය සහ නේපාලය අතරද පෙරවරු 9.00 ට තරගයක් පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.