Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශාඛාවෝ ඉදිරියට පනිති

විශාඛාවෝ ඉදිරියට පනිති

editorial - 2019 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රමුදිගේ වාර්තා දෙක හේතුවෙන් තරගාවලියේ විශාල පෙරළියක් කිරීමට විශාඛා විදුහලට හැකිවිය.  සුගතදාස ගෘහස්ත පිහිනුම් සංකීර්ණයේදී ඊයේ (07) දින පැවති පාසල් පිහිනුම් ශූරතාවලියේ තෙවැනි දිනයේදී ලකුණු 348 ක් ලබා ගනිමින්  පසුගිය වසරේ ශූරතාව දිනාගත් මහනුවර මහමායා විදුහලට අභියෝග කිරීමට කොළඹ විශාඛා විද්‍යාලය සමත් වී ඇත.

වසර 20 ක් තිස්සේ අඛණ්ඩව ශූරතාවය දිනාගත් මහමායා විදුහල 46 වැනි වරටත් පැවැත්නෙක සිව් දින තරගාවලියේ දෙවන ස්ථානයට පත්වීමට ලකුණු 294 ක් රැස්කර ගෙන තිබේ. සහය දිවීමේ ඉසව් අද දින පැවැත්වීමට නියමිතය.

රන් පදක්කම් 2 ක් දිනාගත් විශාඛා විදුහලේ රමුදි සමරකෝන් තුන්වන දිනයේදී බිඳී ගිය තරග වාර්තා හයෙන් නව වාර්තා දෙකක් පිහිටවූවාය.  වයස අවුරුදු 18 න් පහළ මීටර් 200 ලය ආර ඉසව්වේ අවසන් තරගය සඳහා සමරකෝන් විනාඩි 2යි තත්පර 52.19 ක් වාර්තා කළාය. ඇයගේ පෙර වාර්තාව මිනිත්තු 3 යි තත්පර 98 කින් මිනිත්තු 2:56.17 ක් ලෙස සනිටුහන් වූයේ නැගී එන පිහිනුම් ක්‍රීඩාකාවක් ලෙස රමුදිගේ දක්ෂතාවයන් පෙන්නුම් කරමිනි.

මීටර 50 ළය ආර ඉසව්වේදී තත්පර 34.90 ක් ලෙසින් ඇයගේම තත්ත්පර 36.53 පෙර වාර්තාව බිඳ හෙලීය.

විශාඛා විද්‍යාලයේ නිදහස් ආර පිහිනුම් ක්‍රීඩිකාවක වූ සදූ සවින්දි පසුගිය මාසයේ පැවති වයස් කාණ්ඩ ශූරතාවලියේදී වාර්තා පිහිටවූ අතර  මීටර 800 නිදහස් ආර ඉසව්වෙන් සහ මීටර 200 කේවල මිශ්‍ර ඉසව්වේදී වයස අවුරුදු 18 න් පහළ කණ්ඩායමේ නව වාර්තා දෙකක් හිමිකර ගත්තාය. දෙවන දිනයේදී  මීටර් 800 නිදහස් ආර ඉසව්වේ මිනිත්තු 10:19.05 ක කාලයක් වාර්තා කළ අතර  මීටර් 200  ඉසව්වේදී මිනිත්තු 2: 37.94 ක් වාර්තා කළාය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ පී. ආරුක්ෂන් වයස අවුරුදු 18 න් පහළ ඉසව්වේදී මිනිත්තු 2:17.43 ක වාර්තාවක් පිහිටු වීය. ශක්තිමත් තරගකරුවෙකු වූ ආරුක්ෂන් 2009 වර්ෂයේ ඔලිම්පික් උලෙලේ දී හේෂාන් උනම්බුව පිහිට වූ තත්පර 2:17.92 වාර්තිව බිඳහෙලීමට සමත් විය.

විශාඛා විද්‍යාලයේ ගංගා සෙනෙවිරත්න විසින් මීටර් 200 පසුපස ආර ඉසව්ව සදහා  රන් පදක්කමක් දිනා ගනු ලැබූවේ මිනිත්තු 2:31.26 ක කාලයක් වාර්තා කරමිනි. මීට වසර කිහිපයකට පෙර විශාකා විදුහලේම පසුපස ආර විශේෂ වාර්තාවක් පිහිට වූ  විනෝලි කළුආරච්චිගේ වාර්තාව බිඳ දැමීමට සෙනෙවිරත්න සමත් වූවාය.
මරදානා ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ෂෙවින්ද ද සිල්වා වයස අවුරුදු 18 න් පහළ මීටර් 200 පසුපස ආර තරගය මිනිත්තු 2:16.57 කින් ජය ගනිමින් තවත් වාර්තාවක් අලුත් කරන ලදී.


තුන්වන දිනයේ නව වාර්තා

■ දේවා රශ්මි - වි 4:55.03 (වයස අවුරුදු 18 න් පහළ මීටර් 400 නිදහස් ආර - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)
■ සඳු සවින්දි - වි 4:56.00 (වයස අවුරුදු 20 න් පහළ මීටර් 400 ළය ආර : විශාඛා විද්‍යාලය)
■ හිරුකි ද සිල්වා - වි 1:03.09 (වයස අවුරුදු 18 න් පහළ මීටර් 100 නිදහස් ආර ඉසව්ව - දෙහිවල ගේට්වේ  ජාත්‍යන්තර පාසල)
■ සදෙව් සේනාරත්න - තත් 57.12 (වයස අවුරුදු 18 න් පහළ මීටර් 100 සමනල ආර: ආනන්ද විද්‍යාලය)

....


අදහස් (0)

විශාඛාවෝ ඉදිරියට පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.