Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හැව්ලොක්ස් අවසන් තරගයට එයි

හැව්ලොක්ස් අවසන් තරගයට එයි

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැව්ලොක්ස් පිල අද (21) සමත් විය.  


හැව්ලොක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර අවසන් මහ තරගය ලබන ඉරිදා (24) කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.  


කොළඹ පැරණි තුරඟ තරග පිටියේ ඊයේ පස්වරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 60-29 කින් යුද හමුදා පිල පරාජය කළේය.


ලීග් අනු ශූරයන් බවට හැව්ලොක්ස් පිල තරග ආරම්භයේ සිටම ග්‍රහණයට නතුකර ගනිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 27-0 ක් ලෙස පෙරමුණේ පසුවිය. 


චාමර දාබරේ උත්සාහක දිනුම් දෙකක් ද, ලසිඳු කරුණාතිලක, සන්දේෂ් ජයවික්‍රම, කාවින්ද කේෂාන්, රීසා මුබාරක්, දිනුක අමරසිංහ සහ තීක්‍ෂණ දිසානායක උත්සාහක දිනුම බැගින් ද, හැව්ලොක්ස් පිලට එකතු කිරීමට සමත් වූහ. 


රීසා මුබාරක් ගෝල ප්‍රවර්ථන හතරක් ද, දඩුවම් පහරක් ද, සාර්ථක කරමින් අතිරේක ලකුනු 11 ක් එකතු කිරීමට සමත් විය. 


යුද හමුදා පිලේ අෂාන් බණ්ඩාර උත්සාහක දිනුම් දෙකක් ද, සුදාරක දික්කුඹුර සහ කසුන් මධුරංග උත්සාහක දිනුම බැගින් ද, එකතු කළහ. ඉසුරු මැදගෙදර ගෝල ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් සාර්ථක කළේය.  

 


අදහස් (0)

හැව්ලොක්ස් අවසන් තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.