Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සවිත් වීරසිංහ ජාතික කණ්ඩායමට

සවිත් වීරසිංහ ජාතික කණ්ඩායමට

ශානුක අරවින්ද - 2019 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට ඉකුත් වසරේ (2018) කනිෂ්ඨ ජාතික ශූරයා බවට පත්වූ සවිත් වීරසිංහ සමත් වී ඇත. ඉකුත්දා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

ලොව ප්‍රධානතම ටෙනිස් තරගාවලියක් වන ඬේවිස් කුසලාන තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය III කොටස යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරයි. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ඉරානය, කුවේටය, මැලේසියාව, කටාරය, සිංගප්පූරුව, සිරියාව සහ වියට්නාමය යන රටවල් සමග තරග වැදීමට නියමිතය.

එම රටවල් මූලික වටයේදී කණ්ඩායම් 4 බැගින් වූ ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වදින අතර කාණ්ඩ දෙකේ ශූරයන් බවට පත්වන කණ්ඩායම් 2 ලබන වසරේදී (2020) ආසියානු ශාන්තිකර කලාපීය II කොටස යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

වසර 16 ක් පුරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වූ ප්‍රවීණ ක්‍රීඩක හර්ෂණ ගොඩමාන්න මෙවරද ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තේරීම වී ඇති අතර හිටපු ජාතික ශූරයකු වන දිනේෂ්කාන්තන් තංගරාජා ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි තේරීම බවට පත්ව තිබේ.

2002 වසරේදී පළමු වරට ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වූ ගොඩමාන්න, 2004 වසරේදී හැරුණුකොට මේ දක්වා සෑම වසරකදීම එම තරගාවලියට සහභාගි වී ඇති අතර 2010 වසරේදී පළමු වරට ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වූ තංගරාජා අවසන් වරට එම තරගාවලියට සහභාගි වී ඇත්තේ 2016 වසරේදීය. ඉන් අනතුරුව පැවැති තරගාවලි දෙකේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කර නොමැත.

යුගළ තරගවලට සහභාගි වීම සඳහා සිවුවැනි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට දුමිඳු දිලුම් සමත්ව ඇති අතර අකිල විමුක්ති කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ. සුදන්ත සොයිසා මහතා කණ්ඩායමේ ක්‍රීඩා නොකරන නායකයා ලෙස කටයුතු කරයි.


අදහස් (0)

සවිත් වීරසිංහ ජාතික කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.