Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 19 වැනි සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්‍ෂණ සමත් වූහ. තරගාවලියේ කාන්තා යුගල ශූරතාව දිනාගනු ලැබුවේ ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ සහ නාවික හමුදාවේ ජෝශප් රොෂිටා විසිනි.
අවසන් තරගයේදී වට 2-1 ක් ලෙස (20/25, 25/23, 25/06) ගුවන් හමුදාවේ හසිත අනුරුද්ධ සහ එවෝන් වික්‍රමසිංහ පරාජය කරමින් උදේශ් සහ දිනෙත් පිරිමි යුගල ශූරතාවට හිමිකම් කී අතර චලනි සහ රොෂිටා කාන්තා යුගළ ශූරතාවට හිමිකම් කීවේ අවසන් තරයේදී වට 2-0 ක් ලෙස (25/22, 25/10) නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තස්මිලා කාවින්දි සහ නුවන්තිකා සංජීවනී පරාජය කරමිනි.
පිරිමි යුගල තෙවැනි ස්ථානය යුද හමුදාවේ සුරාජ් මධුවන්ත සහ අනාස් අහමඞ් විසින්ද, කාන්තා යුගල තෙවැනි ස්ථානය යුද හමුදාවේ සසිකා සඳමාලී සහ රෙබෙකා ඩැල්රින් විසින්ද හිමිකරගනු ලැබූහ.
පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල සහ කාන්තා යුගල ලෙස ඉසව් හතරකින් සමන්විත මෙම ශූරතාවලිය දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් තරග කරුවන් 400 අධික පිරිසක් සහභාගි වී සිටිති.
ශූරතාවලියේ පිරිමි කේවල සහ කාන්තා කේවල මූලික තරග මේ මස 17, 18, 31 සහ සප්තැම්බර් මස 01 යන දිනවලදී පැවැත්වෙන අතර අවසන් තරග සප්තැම්බර් 14 වැනිදා දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
පිරිමි යුගල ශූරතාව දිනාගත් උදේශ් චන්දිම සමග දිනෙත් දුලක්‍ෂණ (මැද) සහ අනු ශූරතාව හිමිකරගත් හසිත අනුරුද්ධ සමග එවෝන් වික්‍රමසිංහ (දෙපස)
කාන්තා යුගල ශූරතාව දිනාගත් චලනි ලක්මාලි ලියනගේ සමග ජෝශප් රොෂිටා (මැද) සහ අනු ශූරතාවය හිමිකරගත් තස්මිලා කාවින්දි සමග නුවන්තිකා සංජීවනී (දෙපස)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.