Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 9 වැනි වරටත් ජයගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික් අද (21 වැනිදා) සමත්විය. රුසියාවේ ඩැනියෙල් මෙඩ්විඩෙව්ව 7-5, 6-2, 6-2 ලෙස පරාජය කරමින් මෙල්බර්න් හිදී පිට පිට ලබාගත් තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ජොකොවික් සමත්විය.
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි 9 කදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇති ජොකොවික් එම තරග 9 දීම ශූරතාව දිනාගැනීමට සමත්වී ඇත. එමෙන්ම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කිරීමේ වාර්තාවට ජොකොවික් විසින් හිමිකම් කියනු ලබන්නේය.
ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනාගනිමින් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනාගැනීමේ සම වාර්තාවට හිමිකම් කියනු ලබන රොජර් ෆෙඩරර් සහ රෆායල් නඩාල් සම කිරීමට නොවාක් ජොකොවික්ට තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දෙකක් දිනාගත යුතුව ඇත.
ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග 303 ක් දිනාගෙන ඇති ජොකොවික් දෙවැනි වන්නේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග 362 ක් දිනාගෙන ඇති රොජර් ෆෙඩරර්ට පමණි.
ජොකොවික් පසුගිය ප්‍රධාන තරඟාවලි 10 න් 6 ක්ම ජයගෙන ඇති අතර අවම වශයෙන් මාර්තු 8 වනදා දක්වා ශේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ රැඳී සිටින බවට සහතික වී ඇත. එමඟින් ඔහුට සති 311 ක් ශ්‍රේණිගත කිරීම්හී ඉහළම ස්ථානයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර සති 310 ක් ශ්‍රේණීගත කිරීම්හි ඉහළම ස්ථානයේ රැඳී සිටිමින් රොජර් ෆෙඩර්ර්ගේ තබා තිබූ වාර්තාව ඒ අනුව බිඳ වැටෙනු ඇත.
ශ්‍රේණිගත කිරීම්හී 4 වැනි ස්ථානයේ සිටින ඩැනියෙල් මෙඩ්විඩෙව් සිය දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරඟයට පෙනී සිටි අතර ඔහු 2019 එක්සත් ජනපද විවෘත තරගාවලියේදී නඩාල් හමුවේ පරාජයට පත්විය.
ජොකොවික් 25 හැවිරිදි රුසියානුවාගේ පිට පිට තරග 20 ක ජයග්‍රාහී මාවත අවසන් කළේය. මෙඩ්විඩෙව් මීට පෙර ජයගත් තරග 12 ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රේණිගත කිරීම්හී ඉහළින්ම සිටින ක්‍රීඩකයන් 10 දෙනෙකුට එරෙහිව වීම කැපී පෙනුනි.
නමුත් ඕස්ට්‍රේලියාවේදී ජොකොවිච්ට එරෙහිව නැගී සිටීම ඊට වඩා වෙනස් අභියෝගයකි.
ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයන් වන ෆෙඩරර්, නඩාල්, ඇන්ඩි මරේ, ස්ටැන් වව්රින්කා, ඩොමිනික් තීම් යන සියල්ලන්ම මෙල්බර්න් හි පැවති අවසන් පූර්ව හෝ අවසන් තරගවලදී ජොකොවිච් විසින් පරාජය කරනු ලැබ ඇත.
නොවාක් ජොකොවික් විසින් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි 9 ක්, විම්බල්ඩන් 5 ක්, එක්සත් ජනපද විවෘත තරගාවලි 3 ක් සහ ප්‍රංශ විවෘත තරගාවලියක් ජයගෙන ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.