Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කණ්ඩායම් තුනක් අලි අමාරුවක

කණ්ඩායම් තුනක් අලි අමාරුවක

editorial - 2019 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේස පන්දු සහ ගොල්ෆ් කණ්ඩායම රැගත් ගුවන් යානය වෙනත් ගුවන් තොටුපොළකට හදිසියේ ගොඩබැස්වීමට සිදුවීම නිසා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මේස පන්දු තරගාවලියට යමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලහි ලහියේ තමන්ගේ මූලික තරග සඳහා සූදානම් වීමට සිදුව තිබේ. නවදිල්ලිය හරහා කත්මණ්ඩු නුවර බලා යාමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයට නවදිල්ලි නුවර තිබූ තද මීදුම සහ ගුවනේ තිබූ අපැහැදිළි ස්වභාවය හේතුවෙන් ජායිපූර් නුවර බලා පියාසර කිරීමට සිදුවිය.

මෙම ගුවන් යානයේ ශ්‍රී ලංකා ගොල්ෆ් කණ්ඩායම මෙන්ම තවත් නිලධාරීහු පිරිසක්ද වූහ.

මෙම යානය සෙනසුරාදා (30 වැනිදා) අලුයම 2.30 ට පිටත්වීමට නියමිතව තිබූ අතර යානය පිටත්වීමත් පැය දෙකකට වැඩි කාලයක් ප්‍රමාද විය. පසුව පැයකට වැඩි කාලයක් ඉන්දීය ගුවනේ සැරිසැරූ යානය පෙරවරු 7.00 ට නවදිල්ලියේ ගොඩබෑමට නියමිතව තිබුණද ගුවනේ තිබූ අපහැදිළි තත්ත්වය හේතුවෙන් එය ගොඩබාන ලෙස උපදෙස් ලැබුණේ කොල්කටා හෝ පූනේ ගුවන් තොටුපොළ දෙකින් එකකටය. එහෙත් එම ගුවන් තොටුපොළ දෙකේත් දැඩි මීදුමක් පැවැති හෙයින් උදෑසන 8.00 ට පමණ ජායිපූර් නුවරට ගොඩබැස්වීමට සිදුවිය. ඒ වන විටත් යානයේ ඉන්ධන අවසන් වෙමින් තිබිණ.

ශ්‍රී ලංකා ගොල්ෆ් කණ්ඩායමට නම් සිය තරග ආරම්භයට පෙර තරමක විවේකයක් තිබෙන නමුත් මේස පන්දු කණ්ඩායමට බොහෝ විට පුහුණුවීමකින් තොරවම සිය තරග සඳහා සහභාගි වීමට සිදුවිය හැකිය. මෙම ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා රාත්‍රී 11.00 සිටම නිදිවර්ජිතව සිටී.

මීදුම් තත්ත්වය හේතුවෙන් ඔවන්ට දින භාගයක පමණ කාලයක් සිය ගමන සඳහා මිඩංගු කිරීමට සිදුවිය. එහෙත් ගමන නියමිත නියමිත සැලසුම් පරිදි සිදුවූයේ නම් ඔවුන්ගේ ගමනට ගතවන්නේ පැය 7 ක කාලයක් පමණි.

සෑම වසරකම දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී උතුරු ඉන්දියාවේ අධික ශිත කාලගුණයක් පවතින අතර ගුවන් ගමන් ප්‍රමාද වීම පමණක් නොව ඇතැම් විට අධිවේග දුම්රිය ගමන් පවා ප්‍රමාද වීම සාමාන්‍ය තත්ත්වයකි.

මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමටද අනපේක්‍ෂිත අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නවාතැන් ගැනීම සඳහා කාමර 34 ක් වෙන්කරන ලෙස බලධාරීන් දන්වා සිටි අතර එය සූදානම් කර ඇති බව දන්වන ලදි. එහෙත් ඉතාම වෙහෙසකර ගමනකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කත්මණ්ඩු නුවරට පැමිණි පසුව දැනගත හැකිවූයේ වෙන්කර ඇති කාමර වල ලැගුම්ගත හැක්කේ 34 දෙනකුට පමණක් බවයි.

අවසානයේදී මලල ක්‍රීඩිකාවන්ට පමණක් කාමර දුන් බලධාරීහු ක්‍රීඩකයන්ට ඉවසන ලෙස කීහ. පසුව ක්‍රීඩකයන්ටද වෙනත් ස්ථාන දෙකකදී නවාතැන් සැපයිණ.


අදහස් (0)

කණ්ඩායම් තුනක් අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.