Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මෝටර් රථ තරග අගෝස්තුවේ සිට

මෝටර් රථ තරග අගෝස්තුවේ සිට

ශානුක අරවින්ද - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය හේතුවෙන් කල්දැමීමට සිදුවූ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි ලබන අගෝස්තු මාසයේ සිට යළිත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව මේ වසරේ (2019) මැයි, ජුනි සහ ජූලි යන මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි සියල්ල අගෝස්තු මාසයෙන් පසුපසට තල්ලු කරමින් නව මෝටර් රථ තරග සඳහා නව දින දර්ශනයක් සකස්කිරීමටද ඔවුන් කටයුතු යොදා තිබේ.

මැයි මස 18 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ සුපර්ක්‍රොස්, ජූනි මස 08 සහ 09 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ වලව සුපර්ක්‍රොස්, ජූනි මස 15 සහ 16 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ සීගිරිය රැළික්‍රොස්, ජූනි මස 06 සහ 07 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ කැවල්රි සුපර්ක්‍රොස් සහ ජූනි මස 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ ගනර්ස් සුපර්ක්‍රොස් යන තරගාවලි කල්දමන ලදි.  

වසර මුලදී සකස් කළ මෝටර් රථ ක්‍රීඩා දින දර්ශයට අනුව අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ කමාන්ඩෝ සුපර්ක්‍රොස් සහ ගජබා සුපර් ක්‍රොස් තරගාවලි මෙන්ම සැප්තැම්බර් මාසයේදී  පැවැත්වීමට නියමිතව තිබූ කටුකුරුන්ද මාර්ග මෝටර් රථ තරගාවලියේ දින වකවානු නව දින දර්ශනය සකස් කිරීමේදී වෙනස් කර නොමැත. එහෙත් ඔක්තෝබර් මස 05 සහ 06 යන දිනයන් ගනර් සුපර්ක්‍රොස් තරගාවලියට ලබාදීම නිසා පැරණි දින දර්ශනයට අනුව එම දිනවලදී පැවැත්වීමට යොදා තිබූ රොදර්හැම් මාර්ග මෝටර් රථ තරගාවලිය ඔක්තෝම්බර් මස 26 සහ 27 යන දිනවලට තල්ලු කිරීමට සිදුව තිබේ.

පැරණි මෝටර් රථ දින දර්ශනයට ඇතුළත්ව තිබූ නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය, සදර්න් මෝටර් රථ රැළිය සහ කටුකුරුන්ද මාර්ග මෝටර් රථ තරගාවලින් දෙකක් නව දින දර්ශනයෙන් ඉවත් කර ඇති අතර ශ්‍රී ලංකා යතුරු පැදි සම්මේලනය යටතේ සංවිධානය කෙරෙන විජයබා සුපර් ක්‍රොස් තරගාවලිය සහ සැපර්ස් ජිම්පෝ යතුරුපැදි තරගාවලිය ඊට අලුතින් එක්කර තිබේ.

තරග සංවිධානය කිරීමේ වගකීම

ස්ලාර්ඩාර් - ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරපැදිකරුවන්ගේ සංගමය
ස්ලඩා - ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය
එස්.එල්.ආර්.ආර්.ඒ. - ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය
සී.එම්.එස්.සී. - සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය
එල්.එල්.එම්.ආර්.ඒ. - ශ්‍රී ලංකා මෝටර් රේසිං සංගමය
එස්.එල්.එම්.සී.සී. - ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය
එන්.එම්.එස්.සී. - මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

මෝටර් රථ තරග අගෝස්තුවේ සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.