Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පවර්ලිෆ්ටිං අතුරු කමිටුවෙන් කැඳවීමක්

පවර්ලිෆ්ටිං අතුරු කමිටුවෙන් කැඳවීමක්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික පවර්ලිෆ්ටිං සම්මේලනයේ නිලවරණය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පවර්ලිෆ්ටිං අතුරු කමිටුව විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. මෙම සාකච්ඡාව සඳහා සම්මේලනයේ අනුබද්ධ සංගම් නියෝජිතයන්ට මේ මස 14 වැනිදා පෙරවරු 10.00 ට ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණෙන ලෙස පවර්ලිෆ්ටිං අතුරු කමිටුවේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතා ඉල්ලා සිටී.

මෙම රැස්වීම සඳහා පවර්ලිෆ්ටිං සම්මේලනයේ සෑම අනුබද්ධ ක්‍රීඩා සමාජයකම නිලධාරීන් දෙදෙනකු බැගින් පැමිණිය යුතු බවත් ඔවුන්ගේ අදහස් සහ යෝජනා මත පවර්ලිෆ්ටිං සංගමයේ නිලවරණය සහ ඉදිරි කටයුතු පවත්වාගෙන යන බවත් වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි.

 


අදහස් (0)

පවර්ලිෆ්ටිං අතුරු කමිටුවෙන් කැඳවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.