Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වොලිබෝල් කණ්ඩායම් කිහිපයක පුහුණුකරු සහ සහයක තනතුරු 10ක් සඳහා ලබන ජනවාරි 10 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.

ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා හා පිරිමි, ජාතික කනිෂ්ඨ කාන්තා හා පිරිමි, වයස 23න් පහළ කාන්තා හා පිරිමි, වයස 23න් පහළ ජාතික කාන්තා හා පිරිමි කණ්ඩායම් සඳහා ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු සහ අභ්‍යාසක යන තනතුරු සඳහා ඇයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

වසර 2019 දී ශ්‍රී ලංකාව සහභාගි වන අන්තර්ජාතික වොලිබෝල් තරගමාලා සඳහා නිර්දේශ කෙරෙන කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම්වල සේවය සඳහා නව පුහුණුකරුවන් අනුයුක්ත කෙරෙන බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම තනතුරු සඳහා අයැදුම්පත් ඒ.එස්. නාලක, ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය. නැතහොත් දුරකතන අංක 0777864626 ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

 


අදහස් (0)

පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.