Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පොලිසිය ගෝල 4-1 කින් සෙරන්ඩීබ් පිල පරදවයි

පොලිසිය ගෝල 4-1 කින් සෙරන්ඩීබ් පිල පරදවයි

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ හයවැනි වටයේදී  සෙරන්ඩීබ් පාපන්දු සමාජයට එරෙහිව ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගය ගෝල 4-1 ක් ලෙස ජය ගැනීමට පොලිස් පාපන්දු සමාජය සමත් විය. 

එහිදී පොලිස් පාපන්දු සමාජය වෙනුවෙන් 71 වැනි සහ 79 වැනි මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් ලබාගැනීමට එම්.අයි.ආර්. මොහොමඞ් සමත් වූ අතර රියාස් අහමඞ් 36 වැනි මිනිත්තුවේදීද, ශබීර් රසූනියා 29 වැනි මිනිත්තුවේදීද ඉතිරි ගෝල 2 ලබාගත්හ. 

සෙරන්ඩීබ් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට ඇන්ටන් රංජන් සමත් වූයේ තරගයේ 24 වැනි මිනිත්තුවේදීය. 

මෙම තරගයේදී පොලිස් පාපන්දු සමාජයේ නිලන්ත පතිරණ සහ සෙරන්ඩීබ් පාපන්දු සමාජයේ නිෂාන් ලක්ෂිත කහ කාඞ්පත් ලැබූහ. 

-036


අදහස් (0)

පොලිසිය ගෝල 4-1 කින් සෙරන්ඩීබ් පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.