Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

editorial - 2019 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියාවේ අලංකාරතම ක්‍රීඩා උළෙල ලෙසින් සැලකෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංගශාලා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) උත්සවාකාරයෙන් ආරම්භ විය. ක්‍රීඩා උළෙල අද සවස නේපාලයේ වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ කෙරිණ.

ක්‍රීඩා උළෙලේ සත්කාරකයන් වන නේපාලය සමගින් ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වෙති.

තරගාලියේ ආරම්භක දිනයට පෙර සිටම සියලුම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා නගර වලට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී දම්පත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ධජය රැගෙන ගිය අතර ඒ වන විට කත්මණ්ඩු නුවරට ගොස් සිටි සෑම ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවකම දම්පත් ප්‍රනාන්දු මහතා පසුපසින් සිටියේය. එහෙත් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් කත්මණ්ඩු නුවරට කිලෝ මීටර 300 ක් පමණ එපිටින් පිහිටි පොකාරා නුවර තරග කිරීමට සූදානමින් සිටිති.

ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කෝ-කෝ කණ්ඩායම් අද තරග කළ නමුත් ඔව්හු පළමු වටයේදීම දරුණු පරාජයන්ට මුහුණ දුන්හ. පළමු තරගයේදී ඉන්දීය කෝ - කෝ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ලකුණු 32-4 ක් ලෙසින් පරාජය කරන ලදි. කාන්තා තරගයේදී නේපාල ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය පරදවා 11-9 ක ජයක් ලදහ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පිරිමි සහ කාන්තා කෝ-කෝ තරග හෙට පැවැත්වේ.

ඡායාරූප - සමීර පීරිස්


අදහස් (0)

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.