Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකා පිල පරදී

තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකා පිල පරදී

editorial - 2019 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(පැතුම් ශ්‍රී විජේරත්න එංගලන්තයේ ලිවර්පූල් සිට..) 

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගයෙන් සැමෝවා හමුවේ ලකුණු 10ක තියුණු පරාජයක් (65-55) ලැබීය. මෙම පරාජයට මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු රැස්කර ඇති තර්ජිනී සිවලිංගම්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවූ අතර, ඇයට ලබාගත හැකිව තිබූ ලකුණු 10ක් පමණ අපතේ යාම ශ්‍රී ලංකාව මෙම තරගයෙන් පරාජයට පත්වීමට දැඩි ලෙස බලපෑවේය.

කෙසේ වෙතත් මෙම තරග පරාජයත් සමග දෙවැනි වටයේ ‘ඊ’ කාණ්ඩයේ තවමත් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවෙයි. එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය මෙතෙක් තරග දෙකම ජයගත් සැමෝවා කණ්ඩායමට හිමිව තිබේ.

ශ්‍රී ලංකා - සැමෝවා අතර තරගයේ පළමු වටය ලකුණු 17-13ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ වුවත් දෙවැනි වටය ලකුණු 19-10ක් ලෙසද, තෙවැනි වටය ලකුණු 17-13ක් ලෙසද, සිවුවැනි වටය ලකුණු 16-15ක් ලෙසද ජයගනිමින් තරගයේ පාලනය තමන් වෙත නතුකරගැනීමට සැමෝවා ක්‍රීඩිකාවෝ සමත්වූහ. 

මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුව දැල තුළට විදීමේදී මෙන්ම පන්දුව රැගෙන යාමේදීද ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්වූහ. ශ්‍රී ලංකාව දෙවැනි වටයේ සහභාගි වන අවසන් තරගය අද (17දා) ෆීජී දේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පමණ ආරම්භවීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිවුවහොත් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ 13 සහ 14 යන ස්ථාන සඳහා තරග කිරීමේ අවස්ථාව හිමිවේ. යම් හෙයකින් එය පරාජයට පත්වුවහොත් තරගාවලියේ 15 සහ 16 යන ස්ථානවලට තරග කිරීමේ අවස්ථාව උදාවේ. 


අදහස් (0)

තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකා පිල පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.