Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ත්‍රිත්ව රග්බි පිලට කඳුරට කුඩ අනුග්‍රහය

ත්‍රිත්ව රග්බි පිලට කඳුරට කුඩ අනුග්‍රහය

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අඛණ්ඩව දෙවැනි වසරටත් ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික සමාගමක් වන කඳුරට කුඩ සමාගම ඉදිරිපත් වී සිටියි. 

මෙරට පාසල් සඳහා රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් ප්‍රමුඛතම පාසලක් වන ත්‍රිත්ව විදුහල 1906 වසරේ සිට මේ දක්වා කිසිදු බාධාවකින් තොරව පාසල් රග්බි ක්ෂේත්‍රය තුළ රැඳී සිටින අතර ජාතික මට්ටමේ ක්‍රීඩකයන්, නායකයන්, තරග තීරකවරුන් සහ පරිපාලකයන් වැඩි ප්‍රමාණයක් දායද කරමින් රග්බි ක්‍රීඩාවට විශිෂ්ඨ සේවාවක්ද ඉටු කරමින් සිටියි. 

කඳුරට කුඩ සමාගම පසුගිය වසර 7 ක කාලයක් පුරා සිංහල ක්‍රීඩා සමාජයේ නිල ඇඳුම් සැපයුම් කරුවන් ලෙස අනුග්‍රාහකත්වය ලබාදෙන අතර ටාබිට් අහමඞ් පාපන්දු ඇකඩමියේ අනුග්‍රාහකයන් ලෙසද විශිෂ්ට සේවාවක් ඉටු කරමින් සිටියි. 

1978 වසරේ සිය ආයතනය ආරම්භයේ සිට සුපිරි ගුණාත්මකභාවයෙන් යුතු කුඩ නිශ්පාදනය කරමින් පෙරළිකාර නිශ්පාදන පෙළක් හරහා කඳුරට කුඩ සමාගම සිය නාමය විවිධාකාරයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොල ජය ගනිමින් සිටියි. 

දස්කම් සපිරි රග්බි ක්‍රීඩකයන් ඉහළට මතු කිරීමෙන්ද ත්‍රිත්ව විදුහලට රග්බි ක්‍රීඩාවේ ඔවුන්ගේ අරමුණු සඵල කරගැනීමට සහ මෙරට ප්‍රමුඛතම වෙළෙඳ නාමය හරහා දායකත්වය ලබා දීම මත මෙම අනුග්‍රාහකත්වය දෙපාර්ශ්වයටම ඔවුනොවුන් සඳහා ප්‍රතිලාභ අත්කර ගැනීමට ඉඩ සැලසෙනු ඇත. 

ඡායාරූපය - වමේ සිට - කඳුරට කුඩ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එම්.ටී.එම්.නවුෆල් සහ සභාපති එම්.ටී.එම්. නවුෂාඞ් මහත්වරු, ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකත්වය එම විදුහලේ විදුහල්පති ඒ.ෆවුලර් සහ ත්‍රිත්ව විදුහල් රග්බි කමිටුවේ සභාපති සිවා සුබ්‍රමනියම් මහත්වරුන්ට පිරිනැමූ අයුරු

 

-036 

 

 


අදහස් (0)

ත්‍රිත්ව රග්බි පිලට කඳුරට කුඩ අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.