Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කඩු හරඹ ශූරතාව එම්.ඩී.එස්. ක්‍රීඩා සමාජයට

ජාතික කඩු හරඹ ශූරතාව එම්.ඩී.එස්. ක්‍රීඩා සමාජයට

ශානුක අරවින්ද - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 8 වැනි ජාතික කඩු හරඹ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට එම්.ඩී.එස්. ක්‍රීඩා සමාජය සමත් විය. රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමින් එම්.ඩී.එස්. ක්‍රීඩා සමාජය ඩයන් ගෝමස් අභියෝග කුසලානට හිමිකම් කීවේය.

රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කියද්දී රන් පදක්කම් 2 ක්, රිදී පදක්ම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් ලීනියා ක්‍රීඩා සමාජය එහි තෙවැනි ස්ථානයට පත් විය.

දෙපිට මුවහත් අසිපත් (සබී්‍ර) කාණ්ඩයේ (පිරිමි) කේවල රිදී පදක්කම හිමිකරගත් රැපිඞ් ක්‍රීඩා සමාජයේ මංජුල ප්‍රභාත් තරගාවලියේ දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා ලෙසත්, එම (සබී්‍ර) කාණ්ඩයේම (කාන්තා) රන් පදක්කම දිනාගත් එම්.ඩී.එස්. ක්‍රීඩා සමාජයේ නිෂානි ප්‍රනාන්දු දක්ෂතම කඩු හරඹ ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
 
මෙම තරගාවලියේදී සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබී්‍ර) යන කාණ්ඩ 3 යටතේ පිරිමි සහ කාන්තා අංශ සඳහා කේවල සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්විණ.

ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා එම්.ඩී.එස්., ස්ලිම්ලයින්, ලීනියා, සිලූවේටා, රැපිඞ්, සදර්න්, යුනිචෙලා සහ ස්ලිම්ටෙක්ස් යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගී වූහ.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති මෙන්ම ජාතික කඩු හරඹ සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි විය.


පිරිමි තරග ප්‍රතිඵල
සැහැල්ලූ අසිපත් (ෆොයිල්) - කේවල
හිරාන් ජයසේකර (සදර්න්) විසින් තරිඳු මධුමාල් (එම්.ඩී.එස්.) පරාජය කරන ලදි.

බර අසිපත් (එපී) - කේවල
අයේෂ් ඩිලන්ත (ස්ලිම්ලයින්) විසින් සුමිත් විජේරත්න (එම්.ඩී.එස්.) පරාජය කරන ලදි.

දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) - කේවල
රොෂාන් සමීර (ස්ලිම්ලයින්) විසින් මංජුල ප්‍රභාත් (රැපිඩ්) පරාජය කරන ලදි.

සැහැල්ලූ අසිපත් (ෆොයිල්) - කණ්ඩායම්
සුරේෂ් සුදර්ෂන, තිරිඳු මදුමාල්, ජානක විජේබණ්ඩාර සහ තිරාන් දක්ෂිණ (එම්.ඩී.එස්.) විසින් චාරුක දුල්ෂාන්, බුද්ධික ප්‍රියෂාන්, දහම් නෙත්සර සහ සුපුන් අබේවික්‍රම (යුනිචෙලා) පරාජය කරන ලදහ.

බර අසිපත් (එපී) - කණ්ඩායම්
ඩබ්.එම්. ප්‍රියදර්ශන, අයේෂ් ඩිලංක, අවිෂ්ක ඉසුරුමාල් සහ ප්‍රගීත් නිර්මාල් (ස්ලිම්ලයින්) විසින් අංජුල ලක්ෂිත, සමීර රුක්මාල්, කේ.එස්. කොල්ලුරේ සහ විසල් ලක්ෂිත (යුනිචෙලා) පරාජය කරන ලදහ.

දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) - කණ්ඩායම්
අසන් කන්නංගර, තරිඳු මධුමාල්, මිනෝල් මධුෂංක සහ අශාන් අමරසූරිය (එම්.ඩී.එස්.) විසින් දුෂාන් සසංක, විමුක්ති මධුෂංක, වරුණ ෆොන්සේකා සහ චරිත් චතුරංග (යුනිචෙලා) පරාජය කරන ලදහ.

 

කාන්තා තරග ප්‍රතිඵල
සැහැල්ලූ අසිපත් (ෆොයිල්) - කේවල
රීටා ප්‍රකාෂන් (එම්.ඩී.එස්.) විසින් උදයංගනී අබේනායක (සිලූවේටා) පරාජය කරන ලදි.

බර අසිපත් (එපී) - කේවල
පියුමි ක්‍රිෂාන්ති (ලීනියා) විසින් නෙරංජලා වීරරත්න (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) - කේවල
නිෂානි ප්‍රනාන්දු (එම්.ඩී.එස්.) විසින් නිලංකා උපමාලි (එම්.ඩී.එස්.) පරාජය කරන ලදි.

සැහැල්ලූ අසිපත් (ෆොයිල්) - කණ්ඩායම්
භවානි ශ්‍රී, හර්ෂනි රොෂිකා, දිල්කි හංසනී සහ කුමාරි දිල්රුක්ෂි (ලීනියා) විසින් උදයංගනී අබේනායක, ශිල්පා කාවින්දි, විමර්ෂණී සූරියගේ සහ අමායා සංකලනි (සිලුවේටා) පරාජය කරන ලදහ.

බර අසිපත් (එපී) - කණ්ඩායම්
ශිරෝමනී චතුරංගනී, නෙරංජලා වීරරත්න සහ එම්.එෆ්. සප්නා (ස්ලිම්ලයින්) විසින් පියුමි ක්‍රිෂාන්ති, අනුෂිකා ශාන්තා, ආදිත්‍යා අමරසිංහ සහ දර්ෂනී කොඩිතුවක්කු (ලීනියා) පරාජය කරන ලදහ.

දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) - කණ්ඩායම්
නිෂානි ප්‍රනාන්දු, නිලංකා උපමාලි සහ ඉරේෂා මුදන්නායක (එම්.ඩී.එස්.) විසින් අශානි රත්නමුදලි, තනීෂා කුමාරි, සත්‍යා ඉන්දූජා සහ නෙත්මි කෞෂල්‍යා (ලීනියා) පරාජය කරන ලදහ.

ඡායාරූප - බෙමිඳු ඕෂිත වරකාපිටිය


අදහස් (0)

ජාතික කඩු හරඹ ශූරතාව එම්.ඩී.එස්. ක්‍රීඩා සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.