Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සුරේෂ් - රවීන්ද්‍ර අත්‍යන්ත ශූරතාව දිනති

සුරේෂ් - රවීන්ද්‍ර අත්‍යන්ත ශූරතාව දිනති

Nisanka Sandeepani - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ, කුඹුක ස්ථාපිත නව 4x4 ධාවන පථයේදී පළමු වරට පැවැති ‘මැක්සීස් 4x4 ක්ලිෆ්හැගර් අභියෝගය’ සිවු සක මෝටර් රථ තරගාවලියේ ‘අත්‍යන්ත’ අංශයේ (එක්ස්ට්‍රීම්) සමස්ත ශූරතාව දිනාගැනීමට සුරේෂ් චතුරංග සහ ඔහුගේ සහයක රියැදුරු රවීන්ද්‍ර සංජීව සමත් වූහ. ලකුණු 739 ක් ලබාගනිමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ලකුණු 701 ක් ලබාගත් දමිත් නිස්සංක සහ ඔහුගේ සහයක රියදුරු චරිත් මධුෂංක, ‘අත්‍යන්ත’ අංශයේ සමස්ත අනුශූරතාව හිමිකරගත්හ. ලකුණු 688 ක් ලබාගත් චමින්ද දරිජු සහ ඔහුගේ සහයක රියදුරු හසිත ප්‍රනාන්දු එහි තෙවැනි ස්ථානයට පත් වූහ.

‘අත්‍යන්ත’ අංශයේ සමස්ත ශූරතාවට අමතරව සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමටද සුරේෂ් චතුරංග සහ රවීන්ද්‍ර සංජීව සමත් වූහ. සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලද්දේ චමින්ද දරිජු සහ හසිත ප්‍රනාන්දු විසිනි.

සජිත් සචින්දේව් සහ ඔහුගේ සහයක රියැදුරු රොෂාන් එරන්ද එක්ව මිට්ෂුබිශී ජීප් කාණ්ඩයේ ශූරතාව දිනාගනිද්දී, හසිත ජයදේව සහ ඔහුගේ සහායක රියැදුරු අනුර උදයංග එස්.යූ.වී. කාණ්ඩයේ ශූරතාව දිනාගත්හ.  

එල්. ආර්. මෝටර්ස් ආයතනය සහ අයන් මෑන් 4X4 ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා නුවරඑළිය 4X4 ක්‍රීඩා සමාජය, ස්කෝපියන් 4X4 ක්‍රීඩා සමාජය, එක්ස්ට්‍රීම් 4X4 ක්‍රීඩා සමාජය, ශ්‍රී කදිරපුර 4X4 ක්‍රීඩා සමාජය සහ මිට්සුබිශී ජීප් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූහ.

මැක්සීස් ටයර් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා එයාර් ලයින්, ඔටෝ මිරාජ්, ෆෝඞ්, වර්ත්, ක්‍රවුන් ලෙන්ඩින් යන සමාගම් සහ ආයතන එහි සම අනුග්‍රාහකයින් ලෙස කටයුතු කළේය.

අත්‍යන්ත’ (එක්ස්ට්‍රීම්) අංශය
සමස්ථ ශූරතාව
1 සුරේෂ් චතුරංග (රියැදුරු) සහ රවීන්ද්‍ර සංජීව (සහයක රියැදුරු)
2 දමිත් නිස්සංක (රියැදුරු) සහ චරිත් මධුෂංක (සහයක රියැදුරු)
3 චමින්ද දරිජු (රියැදුරු) සහ හසිත ප්‍රනාන්දු (සහයක රියැදුරු)

සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි
1 චමින්ද දරිජු (රියැදුරු) සහ හසිත ප්‍රනාන්දු (සහයක රියැදුරු)
2 නිෂාන්ත ප්‍රනාන්දු (රියැදුරු) සහ ශනිලු මලින්ද (සහයක රියැදුරු)
3 දමිත් ද සිල්වා (රියැදුරු) සහ රුක්ෂාන් දුමින්ද (සහයක රියැදුරු)

සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු
1 සුරේෂ් චතුරංග (රියැදුරු) සහ රවීන්ද්‍ර සංජීව (සහයක රියැදුරු)
2 දමිත් නිස්සංක (රියැදුරු) සහ චරිත් මධුෂංක (සහයක රියැදුරු)
3 ප්‍රිනිත් මනම්පේරි (රියැදුරු) සහ කළණ කාවින්ද  (සහයක රියැදුරු)
නවීකරණය කළ (මොඩිෆයිඞ්) සහ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශය

මිට්ෂුබිශී ජීප් කාණ්ඩයේ ශූරතාව
1 සජිත් සචින්දේව් (රියැදුරු) සහ රොෂාන් එරන්ද  (සහයක රියැදුරු)
2 වසන්ත විජේසේකර (රියැදුරු) සහ ඉරෝෂන් පෙරේරා (සහයක රියැදුරු)
3 දුමින්ද රණවක (රියැදුරු) සහ මිලින්ද ලක්ෂාන් (සහයක රියැදුරු)

එස්.යූ.වී. කාණ්ඩයේ ශූරතාව
1 හසිත ජයදේව (රියැදුරු) සහ අනුර උදයංග (සහයක රියැදුරු)
2 සුමින්ද ලියනගේ (රියැදුරු) සහ අජිත් කුමාර  (සහයක රියැදුරු)
3 දිනේෂ් අප්පුහාමි (රියැදුරු) සහ ජලිත ඩයස්  (සහයක රියැදුරු)

 


අදහස් (0)

සුරේෂ් - රවීන්ද්‍ර අත්‍යන්ත ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.