Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සුපර් සීරීස් මෝටර් රථ සම්මාන රාත‍්‍රිය හෙට

සුපර් සීරීස් මෝටර් රථ සම්මාන රාත‍්‍රිය හෙට

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර) සහ ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සමාජය (ඒ. එම්. ආර්. සී.) එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ ශූරතාවලියේ සම්මාන රාති‍්‍රය හෙට (9 වැනිදා) පස්වරු 7.30 සිට මට්ටක්කුලිය රොක් හවුස් යුද හමුදා කඳවුරේදී පැවැත්වේ.

කුරුණෑගලදී පැවැති කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියේදී, කුඩාඔයදී පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේදී සහ පන්නල මොටර් රථ ධාවන පථයේදී පැවැති තරගාවලි 2 කදී කී‍්‍රඩකයන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්කෙරේ.

මෙහීදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා සඳහා සම්මාන පිරිනැමෙන අතර ඊට අමතරව මෝටර් රථ අංශය සඳහා සෙසු සම්මාන 6 ක්ද, යතුරුපැදි අංශය සඳහා සෙසු සම්මාන 3 ක්ද පිරිනැමේ.

 


අදහස් (0)

සුපර් සීරීස් මෝටර් රථ සම්මාන රාත‍්‍රිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.