Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සදර්න් මෝටර්ස් සම්මාන ප්‍රදානය

සදර්න් මෝටර්ස් සම්මාන ප්‍රදානය

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සංගමයේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සම්මාන ප්‍රදානෝත්සවය හෙට (25 වැනිදා) පස්වරු 6.30 සිට මාතර, පර්ල් ක්ලිෆ් හෝටලයේදී පැවැත්වේ.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී සංගමයේ හිටපු නිලධාරීන්ට, සංගමය නියෝජනය කරමින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ තරගකරුවන්ට, විවිධ ආකාරවලින් සංගමයට සහයෝගය දක්වන පාර්ශවයන්ට සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

සංගමයේ 20 වැනි සංවත්සරයට සමගාමිව එහි සාමාජිකයන් සඳහා අද පෙරවරු 8.00 සිට 11.30 දක්වා මාතර නගරය අවට කිලෝ මීටර් 100 කින් සමන්විත මෝටර් රථ රැළියක් සංවිධානය කිරීමටද සදර්න් මෝටර් රථ ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.  වසර 20 ක ඉතිහාසයකට හිමිකම් කියන සදර්න් මෝටර් රථ ක්‍රීඩා සංගමය දිවයිනේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක් වන අතර මෙරට මෝටර් රථ රැළි සංවිධානයේ ප්‍රමුඛයා ලෙසද හැදින්වේ.

1997 වසරේ සිට මේ දක්වා සෑම වසරකදීම දකුණු පළාත කේණ්ද්‍ර කොට ගනිමින් සදර්න් මොන්සූන් රැළිය සහ එළියකන්ද තරණය යන තරගාවලි ද්විත්වය සංවිධානය කරන සදර්න් මෝටර් රථ ක්‍රීඩා සංගමය, 2000 වසරේදී රත්නපුර මාර්ග මෝටර් රථ තරගාවලියද, 2006 වසරේදී සදර්න් සුපර්ක්‍රොස් තරගාවලියද, 2007 වසරේදී මෙරට පළමු වෙරළ මොටෝ ක්‍රොස් තරගාවලියද සංවිධානය කළේය. හිගුරානේදී පැවැති ‘රැළි ශ්‍රී ලංකා’, මහනුවරදී පැවැති කොරැක් රැළිය සහ කන්තලේදී පැවැති සෆාරි රැළිය සදර්න් මෝටර් රථ ක්‍රීඩා සංගමය සංවිධානය කළ ප්‍රධානතම මෝටර් රථ රැළි කිහිපයකි.

 


අදහස් (0)

සදර්න් මෝටර්ස් සම්මාන ප්‍රදානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.