Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports වලව සුපර් ක්‍රොස් තරගාවලිය 22 වැනිදා

වලව සුපර් ක්‍රොස් තරගාවලිය 22 වැනිදා

ශානුක අරවින්ද - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය සමග එක්ව නමවැනි වරටත් සංවිධානය කරන ‘වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 22 වැනිදා පෙරවරු 9.00 සිට උඩවලව ජාතික වන උද්‍යනය අසල පිහිටි සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

ඉසව් 23 කින් සමන්විත වන මෙම තරගාවලියට මෝටර් රථ තරග 13 ක් සහ යතුරුපැදි ඉසව් 12 ක් ඇතුළත්වේ. දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් සමගින් තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගී වීමට නියමිතය.

එහිදී එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේදී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙසත්, එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි ඉසව්වේදී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් නම් කෙරෙණු ඇත.

තවද එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේදී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා සඳහා ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ නමින් විශේෂ කුසලානයක් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.
කැපී පෙනෙන දස්කම් දක්වමින් ඉකුත් වසරේ (2018) පැවැති වලව සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අෂාන් සිල්වා සම්මාන දිනාගත් අතර ඉවෝන් බී. ගුරුසිංහ එවර දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් සමාගම කටයුතු කරන අතර  අතර සියැට්, හච්, අශෝක් ලේලන්ඞ්, හොණ්ඩා සහ අලියා සිසිල් බීම යන සමාගම් තරගාවලියේ සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.


අදහස් (0)

වලව සුපර් ක්‍රොස් තරගාවලිය 22 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.