Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ලයන්ස් ටොප් ස්පීඩ් මෝටර් රථ තරගාවලිය අද

ලයන්ස් ටොප් ස්පීඩ් මෝටර් රථ තරගාවලිය අද

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රිඩා සමාජය එක්ව හච් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ අනුග්‍රහය යටතේ සංවිධානය කරන ‘හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගමාලාවේ පස්වැනි අදියර වන ‘ලයන්ස් ටොප් ස්පීඞ්’ තරගාවලිය අද (23 වැනිදා) කටුකරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

ඉකුත් වසරේදී මෙන්ම මෙම වසරේදීද 306 සී. සිංහ සමාජය ‘ලයන්ස් ටොප් ස්පීඞ්’ තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා දායකත්වය සපයනු ඇත. මෙවර තරගාවලියේදී යතුරුපැදි ඉසව් 11 ක් සහ  මෝටර් රථ ඉසව් 12 ක් පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගි වන තරගකරුවන් සංඛ්‍යාව 200 කට ආසන්නය.

මෙම තරගාමාලාවේ මෙතෙක් පැවැති අදියර වන නරියාකන්ද සුපර්ක්‍රොස්, කොළඹ සුපර්ක්‍රොස්, කැවර්ලි සුපර්ක්‍රොස් සහ කමාන්ඩෝ සුපර්ක්‍රොස් යන තරගවලි අවසන් වන විට අශාන් සිල්වා මෝටර් රථ අංශයෙන්ද, ගයාන් සඳරුවන් සහ බුද්ධික කසුන් සිල්වා යතුරුපැදි අංශයෙන්ද පෙරමුණ ගෙන සිටියහ.


- 036

 


අදහස් (0)

ලයන්ස් ටොප් ස්පීඩ් මෝටර් රථ තරගාවලිය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.