Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports රෝද හතරෙන් ත්‍රාසජනක ගමනක්

රෝද හතරෙන් ත්‍රාසජනක ගමනක්

Nisanka Sandeepani - 2018 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕනෑම භූමි ප්‍රදේශයක ගමන් කළ හැකි රෝද හතරකින් සමන්විත යතුරුපැදි පදවමින්, ත්‍රාස ජනක මෙන්ම විනෝද ජනක අත්දැකීමක් ලැබිය හැකි ධාවන පථයක් සහිත වික්‍රමාන්විත ක්‍රීඩා පරිශ්‍රයක් ගම්පහ, බුත්පිටිය, මාලිගාතැන්න ප්‍රදේශයේදී අද (4 වැනිදා) විවෘත කෙරිණ. මෙම ක්‍රීඩා පරිශ්‍රය දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි. 

ක්‍රේට් ඇඞ්වෙන්චර් සමාගමේ අධ්‍යක්ෂ, පරිසරවේදී, රනුල් තන්තිලගේ මහතාගේ සංකල්පයකට අනුව අක්කර 50 ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත ගල් සහ කඳු සහිත වනපෙතක් ආශ්‍රිතව මෙම ධාවන පථය සහිත ක්‍රීඩා පරිශ්‍රය ඉදිකර තිබේ. 

සිලින්ඩර් ධාරිතාව 90 සිට 600 දක්වා වන ‘අවුට් ලෑන්ඩර්’ වර්ගයේ රෝද හතරකින් සමන්විත යතුරුපැදි 10 ක් පමණ ඇති අතර එම යතුරුපැදි පැදවීමට අවශ්‍ය පුහුණුවද ක්‍රීඩා පරිශ්‍රයේදීම ලබාදීමට එහි නිර්මාතෘවරුන් කටයුතු යොදා තිබේ. මෙම ‘අවුට් ලෑන්ඩර්’ යතුරුපැදි කැනඩාවේ සමාගමක් විසින් නිපදවන ලද නවතම රෝද හතරේ යතුරුපැදි විශේෂයකි. ‘කයාක්’ ඔරු පැදීම සඳහා ස්වභාවික ජලාශයක්ද මෙම ක්‍රීඩා පරිශ්‍රයේ පිහිටා තිබෙන අතර යතුරුපැදි පදවීමට අමතරව ‘කයක්’ ඔරු පැදීම මගින්ද සංචාරකයින්ට විනෝදාස්වාදයක් ලබාගත හැකිය. 

කැනඩාව, ඇමරිකාව සහ එංගලන්තය ඇතුලු බටහිර සහ යුරෝපා රටවල ඉතාමත් ජනප්‍රිය මෙවන් වික්‍රමාන්විත ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකාව තුළ වෙනමම ක්‍රීඩා පරිශ්‍රයක් ඉදිකරනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. 

මෙම ක්‍රීඩා පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාව සඳහා කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාද එක්ව සිටියේය. මේ වන විට 96 වැනි වියේ පසුවන එඞ්වින් ආරියදාස මහතාද, රනුල් තන්තිලගේ මහතා සමග රෝද හතරේ යතුරුපැදියක නැග ධවන පථය වටා යමින් එම ත්‍රාස්‍ය ජනක අත්දැකීමට මුහුණ දුන්නේය. මහර ප්‍රාද්ශීය සභාවේ ලේකම් එස්.ඒ.එන්. ඉන්ද්‍රජිත්, කාර්ය භාර නිලධාරිණී සුලාරි පෙරේරා, මාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

‘ක්‍රියේට් ඇඞ්වෙන්චර්’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස අනුර තන්තිලගේ මහතා සහ පද්මලතා අබේසිංහ මහත්මියද කටයුතු කරති.

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

රෝද හතරෙන් ත්‍රාසජනක ගමනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.