Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports යතුරුපැදි ජාතික ශූරයා බුද්ධික

යතුරුපැදි ජාතික ශූරයා බුද්ධික

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බොරළු සහිත ධාවන පථ වලදී පැවැත්වෙන යතුරුපැදි තරගාවලිවල ප්‍රධානතම කාණ්ඩය ලෙස සැලකෙන එම්.එක්ස්. (250 සී.සී.) මොටෝකොස් යතුරුපැදි කාණ්ඩයේ ජාතික ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥ්ඥා බලකායේ බුද්ධික කසුන් සිල්වා සමත් විය.

ත්‍රිවිධ හමුදාවන්ට අනුයුක්තව සේවයේ නියුතු ක්‍රීඩකයෙක් යතුරුපැදි ඉසව්වකින් ජාතික ශූරතාවක් දිනාගැනීමට සමත් වූ පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සංවිධානය කළ ජාතික යතුරුපැදි සම්මාන රාත්‍රීයේදී බුද්ධික, තමාට හිමි සම්මානය ලබා ගත්තේය.

පිටකෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බුද්ධික, යතුරුපැදි ක්‍රීඩාවේ නිරතවීමේ අරමුණින් 2014 වසරේදී යුද හමුදාවේ සංඥා බලකායට එක් විය.


- 036

 


අදහස් (0)

යතුරුපැදි ජාතික ශූරයා බුද්ධික

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.