Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලයට වාරණයක්

මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලයට වාරණයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලයෙහි සභාපති මේජර් දිල්හාන්  ජයවර්ධන මහතා ඇතුළු 22කට සිය ධූරයේ කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

මෙම වාරණ නියෝගය දින 14ක් බලපාන පරිදි නිකුත්කර ඇත.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා  රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය(ස්ලාඩාර්) ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා  පාලක මණ්ඩලයෙහි (ස්ලාස්) සභාපති ඇතුලු 22දෙනෙකු  නම් කරනු ලැබ ඇත.

පසුගිය මාර්තු 31වන දින නිල මඩුල්ලෙහි නිල කාලය ඉකුත් වී තිබියදීත් ව්‍යවස්ථා විරෝධීව සිය ධුරයෙහි කටයුතු කිරීම හා 2016 වසරේ සිට වාර්ෂික ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීම යන කරුණු මත වගඋත්තරකරුවන්  සිය ධුරයේ කටයුතු කිරීම වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ‍ලෙස ඉල්ලා පැමිණිලිකාර සංගමය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ රනිල්  ප්‍රේමතිලක මහතා පෙනී සිටියි.


අදහස් (0)

මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලයට වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.