Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports මැක්සීස් 4X4 අභියෝගය 9-10 හොරණදී

මැක්සීස් 4X4 අභියෝගය 9-10 හොරණදී

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්. ආර්. මෝටර්ස් සමාගම සහ අයන් මෑන් 4X4 ක්‍රීඩා සමාජය එක්ව පළමු වරට සංවිධානය කරන ‘මැක්සීස් 4X4 අභියෝගය’ මෝටර් රථ තරගාවලිය සැප්තැම්බර් මස 9 සහ 10 යන දෙදින පෙරවරු 8.00 සිට හොරණ, කුඹුක පිහිටි නව 4X4 ධාවන පථයකදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී අත්‍යන්ත (එක්ස්ට්‍රම්) සහ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) යන කාණ්ඩ දෙකෙන්ම තරග පැවැත්වෙන අතර ඒ සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ තරගකරුවන් රැසක් සහභාගි වීටම නියමිතය.

නුවරඑළිය 4X4 ක්‍රීඩා සමාජය, ස්කෝපියන් 4X4 ක්‍රීඩා සමාජය, එක්ස්ටී්‍රම් 4X4 ක්‍රීඩා සමාජය, ශ්‍රී කදිරපුර 4X4 ක්‍රීඩා සමාජය සහ මිට්සුබිශී ජීප් ක්‍රීඩා සමාජය මෙම තරගාවලිය සඳහා සහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

මැක්සීස් ටයර් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර එහි ජයග්‍රාහකයින්ට සහතිකපත් සහ කුසලාන සමගින් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

 


අදහස් (0)

මැක්සීස් 4X4 අභියෝගය 9-10 හොරණදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.