Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports මව් සංගමය නරියාකන්ද රඳවාගනී

මව් සංගමය නරියාකන්ද රඳවාගනී

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයට (ස්ලාස්) අනුබද්ධ ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සමාජ ලබන වසර (2020) සඳහා සංවිධානය කිරීමට නියමිත මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනය පසුගියදා පැවැති එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී එළිදැක්විණ. ඉකුත් වසර කිහිපයේදී මෙන්ම ලබන වසරේදීද නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සංවිධානය කිරීමේ අයිතිය තමන් වෙත පවරා ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා තරග ක්ෂේත්‍රයේ වඩාත්ම අවධානය දිනාගත් තරගාවලිය ලෙස සැලකෙන නරියා කන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම පසුගිය වසර තුනේදීම රඳවාගත්තේ මව් සංගමය විසිනි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ මෙම තරගාවලියේ සංවිධාන කටයුතු දිනාගැනීම සඳහා පාර්ශ්වයන් දෙකක් අතර ඇතිව තිබෙන කඹ ඇදීමයි. මෙම තත්ත්වය තවමත් සමනය වී නැති හෙයින් මේ වසරේදීත් නරියාකන්ද සුපර්ක්‍රොස් තරාගවලිය සංවිධානය කිරීමේ වගකීම තමන් වෙතම රඳවාගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගම පියවර ගෙන තිබේ.

තරගාවලි 21 කින් සමන්විත වන ලබන වසරේ මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට සුපර්ක්‍රොස් තරගාවලි 8 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 5 ක්, මෝටර් රථ රැළි 4 ක්, කඳු තරණ 3 ක් සහ රැළික්‍රොස් තරගාවලියක් ඇතුළත් වේ.

පෙබරවාරි මස 22 සහ 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත එළියකන්ද කඳු තරණයෙන් ලබන වසරේ මෝටර් රථ තරගාවලි මාලාව ආරම්භ වන අතර නොවැම්බර් මස 28 සහ 29 යන දින වලදී පැවැත්වීමට නියමිත මීගමුව මෝටර් රථ රැළියෙන් එය නිමාවට පත්වීමට නියමිතය.

එම තරගාවලි 21 න් 4 ක් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලඩා) විසින් සංවිධානය කරනු ලබන අතර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සහ ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය (එස්.එල්.එම්.සී.සී.) තරගාවලි 3 බැගින්ද, මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය (එන්.එම්.එස්.සී.) සහ මෝටර් රේසිං සංගමය (එම්.ආර්.ඒ.) තරගාවලි 2 බැගින් සංවිධානය කිරීමට නියමිතය.

එහිදී සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය (එස්.එම්.එස්.සී.), ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (ඒ.එම්.ආර්.සී.), සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය (සී.එම්.එස්.සී.) සහ කලම්බෝ මෝටර් රථ ක්‍රීඩා සමාජය එක් තරගාවලිය බැගින් සංවිධානය කරන අතර සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ මෝටර් රේසිං සංගමය එකට එක්වද තරගාවලියක් සංවිධානය කරයි.

විවිධ හේතුමත ඉදිරියේදී මෙම ක්‍රීඩා දින දර්ශනයට තවත් තරගාවලි එක්වීමටත්, තිබෙන තරගාවලි ඉවත්වීමටත්, යොදා ඇති දින වෙනස් වීමටත් ඉඩ කඩ පවතී.

මෝටර් රථ රැළි හැරුණුකොට සෙසු තරගාවලි සඳහා වෙන්කර ඇති දින දෙකෙන් මුල් දිනයේදී එම තරගාවලියට අදාල කාල ගණනයන් පැවැත්වෙන අතර පසු දිනයේදී තරගාවලිය පැවැත්වේ.  


අදහස් (0)

මව් සංගමය නරියාකන්ද රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.