Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports තෙවැනි වරටත් මෝටර් රථ ශූරයා අශාන්

තෙවැනි වරටත් මෝටර් රථ ශූරයා අශාන්

editorial - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද මින්නේරියේ සිට..)

සෙසු තරගකරුවන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් පිට පිටම තෙවැනි වරටත් ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ මෝටර් රථ කිරුළ තමන් සතුකර ගැනීමට අශාන් සිල්වා සමත් විය. ඔහු එම දක්ෂතාව දැක්වූයේ ඉකුත් ඉරිදා (6 වැනිදා) මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයේදී පැවැති 14 වැනි ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයට හිමිකම් කියමිනි.
 
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට අශාන් සිල්වා සහ ඉර්ෆාන් ෆුවාඞ් නියෝජනය කළ මැග්නි රේසිං කණ්ඩායම සමත් විය.
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු අදියරේදී සෙසු තරගකරුවන්ට වඩා මීටර් 200 ක පමණ පරතරයක් රඳවාගනිමින් නිමා කළ අශාන්, එහි දෙවැනි අදියර නිමා කළේද එවැනිම පරතරයක් රඳවාගනිමිනි. කාල ගණනයට අනුව එම ඉසව්වේ ඉදිරි පෙළ ආරම්භක ස්ථානය හිමිකරගෙන සිටි අශාන්, අදියර දෙකේදීම කිසිඳු තරගකරුවකුට තමා පසුකර ඉදිරියට යෑමට අවස්ථාවක් ලබා නොදුන්නේය.

 යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් අශාන් සිල්වා සම්මාන ලබා ගනිමින්..

යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් මැග්නි රේසිං කණ්ඩායමේ සාමාජිකයින් සම්මාන ලබා ගනිමින්..

එම අදියර දෙකේදීම දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා අරවින්ද ප්‍රේමදාස, ඉෂ්රාක් වහබ් සහ උෂාන් පෙරේරා අතර කරට කර තරගයක් පැවැත්විණි. පළමු අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගත් අරවින්ද ප්‍රේමදාස දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයට පත්වෙද්දී, පළමු අදියරේ තෙවැනි ස්ථානයට පත් වූ ඉෂ්රාක් වහබ් දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. අරවින්ද සහ ඉෂ්රාක් පසුපස හඹාගිය උෂාන් පෙරේරාට අදියර දෙකේදීම සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
 
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය මෙන්ම එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයද ජය ගනිමින් කළකට පසු ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට උපුල්වන් සේරසිංහ සමත් විය. එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට රන්දික නිරෝෂන් සමත් වෙද්දී, එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ ජය මාලික කුරුවිටාරච්චි සතු විය.
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කළ අතර අයි.සී.ඒ.එන්. ඇඞ්වර්ටයිසින්, ඇක්සස් ඉන්ජිනේරු, සියැට් කැලණි, බ්‍රවුන්ස් සහ අලියා සිසිල් බීම යන සමාගම් එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය.
 
තරග ප්‍රතිඵල

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 නිරෝෂ් ජීවන්ත (නිසාන් මාර්ච් 1000)
2 කේසර ගොඩගේ (නිසාන් මාර්ච් 1000)
3 හිමේෂ් තෙන්නෙකා්න් (නිසාන් මාර්ච් 1000)
 
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 කේසර ගොඩගේ (මැස්ඩා 1300)
2 කෝලිත එදිරිසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 ශාන් ද සිල්වා (ෆෝඞ්  ලේසර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 ලලින් කිරින්දේ (ෆෝඞ් ලේසර් 1300)
3 දේවින් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300
)
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 මිහාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1500)
3 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
1 රන්දික නිරෝෂන් (හොණ්ඩා සිවික් 1600)
2 සබි්‍ර සලම් (හොණ්ඩා සිවික් 1600)
3 දේවින් සේරසිංහ (හොණ්ඩා සිවික් 1600)
 
එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 ප්‍රබෝජි බණ්ඩාර (සුබාරු ලෙගාසි 2200)
3 හෂේන් පීරිස් (සුබාරු ලෙගාසි 2200)

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
 
එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)   


අදහස් (0)

තෙවැනි වරටත් මෝටර් රථ ශූරයා අශාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.