Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ඩකා රැළියේදී ගොන්සාල්වෙස් අවසන් ගමන් යයි

ඩකා රැළියේදී ගොන්සාල්වෙස් අවසන් ගමන් යයි

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ දිනවල සවුදි ආරාබියේ පැවැත්වෙන ඩකා රැළි මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී සිදුවී ඇති රිය අනතුරකින් පෘතුගීසි ජාතික ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක පාවුලෝ ගොන්සාල්වෙස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දීය යතුරුපැදි කණ්ඩායමක් වන හීරෝ කණ්ඩායම නියෝජනය කරමින් සිය 13 වැනි ඩකා රැළියට සහභාගි වී සිටි ගොන්සාල්වෙස්, ඉකුත් ඉරිදා වන විට සමස්ත තරගයේ 46 වැනි ස්ථානයේ පසුවිය.

‘රියාද්’ සිට ‘වාඩි අල් දවසිර්’ දක්වා කිලෝ මීටර් 339 කින් සමන්විත වූ එම අදියරේ කිලෝ මීටර් 171 ක් නිමා කිරීමෙන් අනතුරුව ගොන්සාල්වෙස් මෙම මාරක රිය අනතුරට මුහුණ පෑවේය. ඒ පෙරවරු 10.18 ට පමණ වැලි රැළි සහිත ශ්‍රාණුවක් පසුකරමින් සිටියදීය.

අනතුර සිදු වී ඇති ස්ථානයට වෛද්‍ය හෙලිකොප්ටර් යානය ලඟාවන විට ගොන්සාල්වෙස්, හෘදයාබාධයක් හේතුවෙන් සිහිසුන්ව සිට තිබේ. එහිදී අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් සැලසීමෙන් අනතුරුව ඔහු ලයිලා රෝහල වෙන රැගෙන ඒමට තරග සංවිධායකයන් කටයුතු කළද, රෝහලගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

2015 වසරේ පැවැති ඩකා රැළියේදී මිචෙල් හර්නික් ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව මේ දක්වා පැවැති ඩකා රැළියක් තුළදී ජීවිතක්ෂයට පත් වූ පළමු ක්‍රීඩකයා වන්නේද ගොන්සාල්වෙස්ය.


-036

 


අදහස් (0)

ඩකා රැළියේදී ගොන්සාල්වෙස් අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.