Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports කාර්ටින් ශූරතාව සාන්ත තෝමස් විදුහලට

කාර්ටින් ශූරතාව සාන්ත තෝමස් විදුහලට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බණ්ඩාරගම කාර්ටින් ධාවන පථයේදී පැය 6 ක කාලයක් පුරා පැවති ‘එන්ඩියුරන්ස් කාර්ටින්’ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ‘එස්.ටී.සී.’ කණ්ඩායම සමත් විය.

තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 11 ක සිටි ප්‍රවීණ තරගකරුවන් පරාජය කළ ‘එස්.ටී.සී.’ කණ්ඩායමේ පාසල් තරගකරුවෝ පැය 6 තුළදී වට 542 ක් සම්පූර්ණ කරමින් ශූරතාවට  හිමිකම් කීහ.  

අනීෂ් රණසිංහගේ නායකත්වයෙන් තරග වැදුණ ‘එස්.ටී.සී.’ කණ්ඩායමට ලිනාල් ගුණතිලක, ජිනුක විතාරණ, කවීෂ් රුවන්පුර, උපුල් ජානක සහ ඉෂ්ෆාක් රිෂ්නි (කළමනාකරු) යන අය ඇතුළත් වූහ.

එහිදී වට 536 ක් සම්පූර්ණ කළ ‘තන්ඩර්බෝල්ට් රේසිං’ කණ්ඩායම දෙවැනි ස්ථානයට පත්වූ අතර බී.කේ.එම්.එස්. කණ්ඩායම තෙවැනි ස්ථානයට පත් වූයේ පැය 6 තුළදී වට 534 ක් සම්පූර්ණ කරමිනි.

බණ්ඩාරගම ගෝ කාර්ට් රේසිං ක්‍රීඩා සමාජය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබූ අතර ඩේවිඩ් පීරිස් පෞද්ගලික සමාගමට අයත් බණ්ඩාරගම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථයේදී තරගාවලිය පැවැත්විණි.

‘එස්.එල්.ආර්. ගෝල්ඩන් ෆීනික්ස්’, ‘ටාර්ගට් රේසිං’, ‘ආර්.එච්.සී. රේසිං’, ‘රෙබෙලියන් රේසිං’, ‘එස්.එල්.ආර්. ජී.පී. ඔටෝ ස්පෝර්ට්ස්’, ‘ස්ටැලියොන් රයිඩර්ස්’, ‘එස්.එල්.ආර්. ජී.පී. මෝටර් ස්පෝර්ට්ස්’ සහ ‘පල්සර්’ තරගාවලිය සහභාගි වූ සෙසු කණ්ඩායම් විය.  

 

 

- 036


අදහස් (0)

කාර්ටින් ශූරතාව සාන්ත තෝමස් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.