Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports එෂාන්ට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

එෂාන්ට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ගෝ කාර්ටින් තරග බිමේ තවත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඉකුත්දා ජපානයේදී පැවැති එක්ස්-30 අභියෝග කුසලාන තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නැගී එන ගෝ කාර්ටින් ශූර එෂාන් පීරිස් සමත් විය.

ලොව ප්‍රධාන පෙලේ කාර්ටින් ශූරයින්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගය ඉකුත්දා ජපානයේ මිසුනාමිහිදී නිමාවට පත් විය. එහිදී අවසන් පූර්ව තරගයේ සිවුවැනි ස්ථානයට පත් වූ ඒෂාන්, එදිනම පැවැති අවසන් මහ තරගයේදී දක්ෂ ලෙස තරග වදිමින් තෙවැනි ස්ථානයට පත් විය.  

ලොව ප්‍රවීණ ක්‍රීඩකයන් සමග කරට කර සටන් කර ජයග්‍රහණ හිමිකරගෙන ඇති එෂාන්,  පසුගිය මැයි මාසයේ මැලේසියාවේදී පැවැති රොටැක්ස් මැක්ස් ආසියානු අභියෝගතා කාර්ටින් තරගාවලියේදීද පළමු ස්ථානය දිනාගත්තේය.


- 036

 


අදහස් (0)

එෂාන්ට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.